ජුනි (26) වෙනිදා ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර , සිංහපුර , වැල්ලන්පිටිය ආදී ප්‍රදේශ 05 ක සියලු නිවාස අවරණය වන පරිදි මහජනයා දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත්,ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් සංවිධානය කෙරෙන පා ගමන කොළොන්නාව විහාරස්ථනයෙන් අවසන් වන බවත් සිරිසේන හේරත් මහතා පවසයි. සියලු ළමයි පාසල් යැවීමටත්, පුනරුත්ථාපන විමට කැමති අය පුනරුත්ථාපනය විමටත්, රජය ගෙන යන පුනරුත්ථාපන වැඩ සටහන පිළිබඳව දැනුවත් කිරිමත්,ජාවරම් කරුවන්ගෙන් අනාගත පරපුර මුදවා ගැනිමත් යන කාරණා අත් පත්‍රිකා බෙදා දීමෙන් දැනුවත් කිරීම අරමුණ බව සිරිසේන හේරත් මහතා සදහන් කරයි.