ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන ජාතික මත්ඩ්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව පාසල්,ආගමික ස්ථාන,රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන සමඟ මහජන සහභාගීත්වයෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.
ත්‍රිවිධ හමුදාවේ හා රජයේ නිලධාරීන් විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සියලු සමාජ කොට්ඨාශ නියෝජනය වන පරිදි මෙම පාගමන සංවිධානය කර තිබ්වි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතාගේ සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහතගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ඇරඹේ. පාගමන පෙ.ව. 8.00ට ආරම්භ වන අතර වැල්ලම්පිටිය, ඔබේසේකරපුර, ගොතටුව, බණ්ඩාරනායකපුර,මුල්ලේරියාව යන ස්ථානවලින් ආරම්භ වී කොළොන්නාව රජමහා විහාරස්ථනය අසළඳී අවසන් වෙයි.