ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ගම්පෙරළිය සංවර්ධන වැඩසටහනෙන් ජනතාවගේ ජීවන තත්වය උසස් කරළීම සාර්ථකයි

    ජූනි 26, 2019

    මෙරටේ වෙසෙන සමස්ත ජනතාවගේ අභිවෘද්ධිය සැළසීමේ අරමුණින් වත්මන් රජය විසින් දිවයින මුළුල්ලේ ආරම්භ කරන ලද ගම්පෙරළිය සංවර්ධන ක්‍රියාවලියේ සියලු වැඩසටහන් ලබන අගෝස්තු 31 වන දා වන විට අවසන් කිරීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා ඊයේ(25) දින ප්‍රකාශ කළේය.

    වත්මන් රජයේ සංවර්ධන වැඩකටයුතු පිළිබඳව අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මේ බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා, පොදු මහ ජනතාවගේ ජීවන තත්වය උසස් කරළීම සඳහා ආරම්භ කරන ලද මෙම වැඩසටහනින් සාර්ථක ප්‍රථිඵල දැනටම ලැබී ඇතැයිද කීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා පැවසුවේ, වත්මන් රජයට කෙතරම් බාධා පැමිණියද සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යන බවත් ව්‍යවසායකයින්ට නැගී සිටීම සඳහා අඩු පොළියට ණය ලබා දෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත්ය.

    රටේ ආර්ථිකය ඉතා දුෂ්කර අර්බුද මුහුණ පෑමට සිදු වී තිබුණද වත්මන් රජයේ ප්‍රඥාගෝචර ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරාලන ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වසර ගණනාවකට පසු ලබා ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ උපදේශක, සංවර්ධන සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya