අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවුඩය සහිත ව පෙළ පොත් මුද්‍රණය කිරීම නිසා රජයට විශාල පාඩුවක් සිදුකර ඇති බවත්, අධ්‍යාපන ක්ෂේත්රයේ දුරගමනක් යාමට අවශ්‍ය නිසා පෙළපොත්වලට පණිවුඩයක් ඇතුළත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තමාගෙන් ඉල්ලා සිටි බවත් සඳහන් කරමින් හිටපු වැඩබලන අධ්‍යාපන කොමසාරිස් එල් එම් කේ බී ඉලංගසිංහ මහතා විසින් පසුගිය දා පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍යවලට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවැරදි තත්වය සමාජගත කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
1980 වසරේ පාසල් සිසුන්ට නොමිළයේ පෙළපොත් ලබාදීම ආරම්භ කළ දා සිට ම අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවුඩයක් සියලු පෙළ පොත්වල අන්තර්ගත ව තිබූ අතර එම පණිවුඩයට ඡායාරූපයක් එක්කිරීමෙන් පමණක් පෙළ පොත මුද්‍රණයට අමුතුවෙන් පිරිවැයක් එක් නොවන හෙයින් සහ ඒ පිළිබද හිටපු වැඩබලන අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයාගෙන් තමා විසින් විමසා සිටි අවස්ථාවේ විශේෂ පිරිවැයක් යෙදීමට සිදු නොවන බවට තහවුරු කළ බවත්, ඒ නිසා පණිවුඩයට ඡායාරූපය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් තමා එකගවූ බවත් මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.
එහෙත් හිටපු වැඩබලන අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය වෙත අදහස් පළ කර ඇති බවට සඳහන් වන්නේ, දේශපාලන ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් පෙළ පොත්වල ඇතුළත් කරන ලෙස අමාත්‍යවරයා තමාගෙන් ඉල්ලා සිටි බවයි.
තමා විසින් මාධ්‍ය වෙත එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව දන්වමින් ඔහු විසින් අධ්‍යාපන ලේකම්වරයාට දිවුරුම් ප්‍රකාශයක්ද ලබා දී ඇත.
මේ පිළිබද අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, දේශපාලන ප්‍රතිරූපය ඉහළ නංවාගැනීම වෙනුවෙන් කටයුතු කරන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නට අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය නම් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමාට ඉල්ලීම් වෙනුවට නියෝග ලබාදිය හැකි බවත්, ගත වූ වසර පහක කාලය පුරාවට කිසිදු අවස්ථාවක නිලධාරීන්ගෙන් එවැනි ඉල්ලීම් කිසිවිටෙකත් තමා විසින් සිදු කර නොමැති බවත් ය.
වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, මේ සම්බන්ධ ව හිටපු කොමසාරිස්වරයා විසින් උපදෙස් ලබාදුන් ආකාරය දැක්වෙන ලිපිගොනු සටහන් ද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කළේය. එහි දී සිව්වර්ණයෙන් (Fඔඋර් Cඔලොර් ) සහ ද්විවර්ණයෙන් (ඹ්ලcක් අන්ඩ් Wහිටේ පළ වන සියලු පෙළ පොත්වල සිව්වර්ණයෙන් ඇමතිතුමන්ගේ පණිවුඩය ඇතුළත් කළ යුතු බව එතුමන්ගේ හැඟීම ලෙස සටහන් කරමින් අධ්‍යාපන ලේකම්තුමාගේ උපදෙස් අපේක්ෂා කර ඇති බවත්, යම්හෙයකින් එතුමන්ගේ හැඟීමේ හැටියට පෙළ පොත්වල පණිවුඩය යෙදීමට තීරණය වූවා නම්, අතිරේක පිරිවැයක් වැයවීම වැළැක්විය නොහැකි බව ද, ඉහළ නිලධාරීන්ගේ දූරදර්ශී තීරණ මත එවැනි තත්ත්වයක් මතු නොවූ බව ද සඳහන් කළේය.
“මම එතුමාට විරුද්ධව මට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශනයක් දාලා තියෙනවා, 2017 මැයි 16 වෙනිදා එතුමා භාරව සිටින සැපයුම් අංශයට විරුද්ධව එහි කටයුතු සමිබන්ධව විමර්ශනයට.චෝදනා පත්‍රයක් ද නිකුත් වීමට සිටි කෙනෙක්.නමුත් එහු වැරදිකරුවෙක් වෙලා නැති නිසා මට ඔහු සමඟ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඕන කෙනෙකුට තේරෙනවා මට උවමනාවක් නැහැ එතුමාට මේවගේ වගේ කරුණු කාරණා කියන්න. මේ අධ්‍යාපන අමාත්‍යංශයේ අය දන්නවා , අවුරුදු පහක් කිට්ටු වෙන්න මම අමාත්‍යංශයේ කටයුතු කරලා තියෙනවා.කිසි දවසක මං ඔය වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ නෑ ඒවගේ ම මාධ්‍යවේදීනුත් දන්නවා මගේ අනාගත දේශපාලනය හදා ගැනීමට හෝ ඔය ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන්නේ නෑ කියලා. යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සාවද්‍ය ප්‍රකාශ සිදුකර ඇති මාධ්‍ය ආයතනවලට එරෙහි ව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලමින් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමා කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. වැරදි මත සමාජගත වුවහොත් උසාවියට ගොස් නිවැරදිභාවය ඔප්පු කළ ද, ඒ වනවිට සිදුවිය යුතු අගතිය අවසන්ව ඇති බැවින් වගකීම්සහගත ව ජනමාධ්‍ය වාර්තාකරණයෙහි යෙදෙන ලෙස සියලු ජනමාධ්‍යවේදීන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියහ. පසුගිය දින 52ක කාලය තුළ අවනීතිකව බලයට පත් වූ අධ්‍යාපන ඇමතිවරයා විසින් තම ඡායාරූපය සහිත පණිවුඩය ඇතුළත් කර ඇති නිසා, එය ඉවත් කර හිස් පිටුවක් සහිතව ඉදිරිපත් කිරීමට උපදෙස් ලබාදී ඇති බවද, එවැනි පටු දේශපාලන තීන්දු හේතුවෙන් මේ වසරේ දරුවන්ට පෙළපොත් බෙදාහැරීම පවා ප්‍රමාද කළ බව ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ හෙළි කළේය.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම් එන් රණසිංහ, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.