හදිසි නීතිය මසකින් දීර්ග කිරීම සඳහා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව අද (27) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අතර විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
පාස්කු ප්‍රහාරයේ වේදනාව අදත් දැනෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට ආපසු යථා තත්ත්වයට ගේන්න, රජයක් හැටියට තීරණයක් ගත්තා, හදිසි නීතිය ගෙන්න. සහරාන්ගේ කණ්ඩායමට මුළු මනින් ම සහාය දුන් අය අත් අඩංගුවට ගැනීමට සුමාන දෙකක යන්න පෙර සමත් වුණා. අනෙක් කණ්ඩායම් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මේ විමර්ශන කරන්නට අපේ ආරක්ෂක කණ්ඩායම්වලට පිටරටින් ද සහාය ලැබුණා.ඒ අයට ස්තූතිවන්ත වෙන්න ඕන. සහරාන්ගේ කණ්ඩායම මුළු මනින් ම හඳුනාගෙන ඉන්නේ. නායකත්වය ගන්න හිටිය කණ්ඩායම අත් අඩංගුවට ගෙන තිබෙනවා. බොම්බ කරුවන් දෙදෙනා මිය ගියා. තවත් විමර්ශන කටයුතු කරගෙන යනවා. විමර්ශන කටයුතු කරගෙන යනකොට තවත් මාසයකට හදිසි නීතිය දීර්ග කරගන්න අවශ්‍ය වුණා.
ත්‍රිවිධ හමුදාව පාසල් , පන්සල් හා පූජනීය ස්ථාන ආරක්ෂා කරන්න දාලා තිබෙනවා. තානාපති කාර්යාලවල ආරක්ෂව ට යොදවා තිබෙනවා. ජාතික ආරක්ෂාව ගැන දොස් කියනවා. රජයක් හැටියට වගකීම බාර ගත්තා. දැන් තිබෙන්නේ ජාතික අරක්ෂව තර කරගෙන එවැනි සිද්ධි ඇති වීම වළක්වීමයි. අන්තවාදයක් මෙහිතිබෙන්නේ. අන්තවාදය තියෙන තනි පුද්ගලයකුට වුවත් යමක් කළ හැකියි. ඒ නිසා සියයට සීයක් කියන්න බෑ.
ඇමෙරිකාව පමණක් නොවේ, කිසිම රටකට මේ රටේ කඳවුරක් බඳින්න ඉඩ දෙන්නේ නෑ. එය කරන්න අවශ්‍යතාවයක් නෑ. ත්‍රිකුණාමලයාට විවිධ රටවලින් නැව් එනවා. ත්‍රිකුණාමලය කඳවුරු බඳින්න ගිවිසුමකට ගිහින් නෑ. සෝෆා ගිවිසුමක ගැන සාකච්ඡා කරනවා පමණයි. අත්සන් කරලාත් නෑ. ඒ සැකය දුරු කරන්න අවශ්‍යයි. සියලු ජාතීන් එකතු වෙලා, මේ ප්‍රශ්නයට විසඳුමක් සොයාගන්නට එකතු විය යුතුයි යැයි පැවසීය.