ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    වත්මන් රජය ලබා ගත් ජාත්‍යන්තර ජයග්‍රහණයන්ට විරුද්ධ පිරිස් රටට වාසි දායක කරුණු විකෘති කරනවා- අමාත්‍ය මංගල සමරවීර

    ජූනි 28, 2019

    ශ්‍රී ලංකාවත් අමෙරිකා එක්සත් ජනපදයත් අතර ඇති කරගෙන ඇති හමුදාමය සම්බන්ධතා ගිවිසුම (ACSA), සහශ්‍ර අභියෝග සහයෝගීතාව හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) සහ සෝෆා (SOFA) යන ජාත්‍යන්තර ගිවිසුම් මගින් රටට කිසිදු හානියක් නැති අතර වත්මන් රජය ලබා ගත් ජාත්‍යන්තර ජයග්‍රහණයන්ට විරුද්ධ පිරිස් රටට වාසි දායක කරුණු විකෘති කරමින් කටයුතු කරන බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ් මහතා මේ බව පැවසුවේ 27) කොළඹ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    මීට පෙර පැවති රජයන් විසින් ද ක්‍රියාත්මක කළ ඇස්ට්‍රා ගිවිසුම රජය විසින් නැවත අලුත් කළා මිස එහි කිසිදු වෙනසක් සිදු නොකළ බවද  මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආධාරය 2004 වසරේ සිට ශ්‍රී ලංකාව ලබා ගැනීමට උත්සාහ කළ අමෙරිකානු රජය මගින් ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කරන රටවල් සඳහා ලබා දෙන අධාරයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    මෙම ණය මුදලින් ඩොලර් මිලියන 480ක් බස් ප්‍රවාහනය නවීකරණය කිරීම සඳහාද ඉතිරි ආධාර මුදල් කෘෂි නිෂ්පාදන ප්‍රවාහන මාර්ග/ ඉඩම් හිමිකම් නිරවුල් කිරීම / තක්සේරු දෙපාර්තමේන්තුව නවීකරණය සහ ඉඩම්  හිමිකම් ප්‍රතිපත්ති කාර්යාලයක් පිහිටුවීම වැනි ක්ෂේත්‍ර සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර එම ණය මුදල යොදා ගන්නා අකාරය ගැන එම රටවල් මගින් කිසිදු බලපෑමක් සිදු කර නොමැති බව ද භාෂාව දන්නා කාට වුවද ගිවිසුම කියවා තේරුම් ගත හැකි බවද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

    සෝෆා ගිවිසුම මගින් විදේශ හමුදාවල් මෙරටට ගෙන්වන බව පැවසීම අසත්‍යයක් බවත් මේ සෑම ගිවිසුමක්ම අප රටේ දියුණුවට සහ සංවර්ධනයට යොදා ගත හැකි ගිවිසුම් බවත් ඉතා දියුණු අමෙරිකාව වැනි රටවල ඇති දියුණු තාක්ෂණය සහ දැනුම අප රටේ සංවර්ධනයට යොදා ගැනීම තුළින් දැනුම සහ  තාක්ෂණය බෙදා ගත හැකි බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya