පාලම ඉදිකිරිම සදහා රජය විසින් වැය කොට ඇති මුදල රු. ලක්ෂ 480කි. පාලමක් නොමැති කමින් ඇටන්වල ගම්මානයේ පවුල් 90කට අයත් ප්‍රජාව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිහ. කෘෂි කර්මාන්තයේ නියලි ජනතාවට තම නිෂ්පාදන අලෙවිය සදහා කි.මි. 2කට අධික දුරක් කරමතින් ගෙනයාමට සිදුවිය.
නව පාලම ඉදිකිරිමෙන් ඇටන්වල ගම්මානයේ පවුල් 90කට පමණ ප්‍රතිලාභ හිමිවේ. ඒසේම මෙම පාලම ඉදිවීමත් සමග මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටද පිටිවහලක් වනු ඇත.
රාජ්‍ය සේවය ගමට ගෙනයන ලග්ගල පැවැති ජංගම සේවයට සමගාමිව මෙම නව පාලම ජනතා අයිතියට පත්කර ලදී. පාලම විවෘත කරන අවස්ථාවට ගම්වාසින් විශාල පිරිසක් රැස්ව සිටිහ.
DMU/matale