ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන්නේ ඔවුන් රටේ සංවර්ධනයට හවුල් කර ගැනීමටයි-ඇමති වජිර අබේවර්ධන

    ජූනි 28, 2019

    විදේශය හි වාසය කරන ශ්‍රී ලාංකිකයින්ට මේ රටේ ද්විත්ව පුරවැසි භාවය ලබා දී මෙන් රජය බලාපොරොත්තු වන්නේ ඔවුන් රටේ සංවර්ධන ඉදිරි ගමනට හවුල් කර ගැනීමට යැයි අභ්‍යන්තර , ස්වදේශ කටයුතු , පළාත් සභා සහ පළාත් පාලන ඇමති වජිර අබේවර්ධන මහතා පැවසීය.

    ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 810 දෙනෙකුට මෙරට ද්විත්ව පුරවැසි භාවය ප්‍රදානය කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ය. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැවිණි.

    මෙහිදී තවදුරටත් කතා කළ වජිර අබේවර්ධන මහතා , "මේ රටේ පුරවැසිභාවය ලබා ගන්නා ඔබට අපේ රටට විශාල සේවයක් කරන්නට පුළුවන් .ඔබ ලෝකයේ කුමන රටක සිටියත් , ලෝකයේ කුමන තැනක ජීවත් වුණත් ඔබ මේ රටට ආදරය කරන බව අප දන්නවා .ඒ නිසා තමයි ඔබ ද්විත්ව පුරවැසි භාවය ඉල්ලන්නේ . ඔබට තමාගේ  මව්බිම, තමාගේ ජාතිය තමා තමා ගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය වැදගත් බව අප දන්නවා .ඒ නිසා මේ රට දියුණු කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා "යයි ද කීය. මේ රටේ 230 ලක්ෂයක් වන ජනතාව ට දුරකථන හෝ වෙනත් දෙයක් විකුණා රට දියුණු කිරීමට නො හැකි බවත් අපට ලෝකයත් සමග තරග කිරීමට සිදු වී තිබෙන බවත් පැවැසූ ඒ මහතා අප බය නැතිව ලෝකයේ පුරවැසියන්ට මේ රටට පැමිණීමට ඉඩ කඩ ඉඩකඩ සැලසීම තුලින් අපේ ආර්ථිකය ගොඩ නැංවිය හැකි පරිසරයක් ඇති කළ යුතු බවත් පැවසී ය .. උප්පැන්න සහතිකය ,ජාතික හැඳුනු ම්පත සහ විදේශ ගමන් බලපත්‍රය සමහරුන් විසින් ව්‍යාජ ලෙස සකස් කොට භාවිතා කිරීම තුළින් සිදු වී ඇති දූෂණ හා වංචා හේතුවෙන් රජය ට රුපියල් බිලියන 100 ක ට වැඩි මුදලක් අහිමි වී තිබෙනවා . මේ තත්ත්වය නැති කිරීම සඳහා නව තාක්ෂණය උපයෝගී කරගෙන උප්පැන්න සහතික ජාතික හැඳුනුම්පත් සහ විදේශ ගමන් බල පත්‍ර නිකුත් කිරීම සඳහා රුපියල් බිලියන 40 ක මුදලක් රජයෙන් ඉල්ලා ඇති බව ද ඇමතිවරයා තව දුරටත් පැවසීය.

    ආගමන හා විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා විසි පස් වැනි වතාවට පැවැත්වෙන මෙම ත්‍රිත්ව ද්විත්ව පුරවැසි ප්‍රදාන උත්සවයේ දී 810 ද්විත්ව පුරවැසි සහතික පිරිනැමෙන බව කී ය.

    2015 වසරේ සිට මේ දක්වා විදෙ ස්ගස්තව සිටින ශ්‍රී ලාංකිකයින් 36995 මේ රටේ පුරවැසිභාවය ප්‍රදානය කොට ප්‍රදානය කොට ඇති බව ත් වසරකට ලෝකයේ විවිධ රට වලින් ද්විත්ව පුරවැසි අයදුම් පත් 1000ක් පමණ ලැබෙන ලැබෙන බවත් ඒ මහතා පැවසීය.

    ලෝකයේ විවිධ රටවල පුරවැසි භාවය ලැබ සිටින ශ්‍රී ලාංකිකයින් ගේ හැකියාවන් සහ දායකත්වය මේ රටේ දියුණුව ට යොදා ගැනීම ද්විත්ව පුරවැසි භාවය ලබා දීමේ ප්‍රධාන අරමුණක් බව ද පසන් රත්නායක මහතා තව දුරටත් සඳහන් කළේය.

    අභ්‍යන්තර,ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති ජේ සී අලවතුවල සහ, අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න,ඇතුළු නිලධාරීහු පිරිස ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya