සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විවාදය සඳහා නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා විසින් විවාදාය ආරම්භ කළේ ය.
ගුවන්තොටුපල වර්ගීකරණය කිරීම මෙම නියෝග මඟින් බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.ඒ අනුව රටේ තිබෙන ගුවන්තොටුපල වර්ගීකරණයට භාජනය කිරීමට බලාපොරොත්තු වෙනවා.ගුවන් යානා,පොදු හා පෞද්ගලික ලෙස ,ගුවන් තොටුපල පරිචය ආදී වර්ගීකරණයකට ලක් කෙරෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.