සිවිල් ගුවන්සේව පනත යටතේ නියෝගය විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
පලාලි ගුවන්තොටුපල ඒ අනුව නවීකරණය කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා,ලබන මස 05 දින කටයුතු ආරම්භ කරන බවද පැවසීය.ඒ අනුව මාස දෙකක් තුනක් ඇතුළත සංවර්ධනය කරනවා. ඒ අනුව පලාලි ගුවන්
තොටුපල සිවිල් ගුවන් තොටුපලක් බවට පත් වෙනවා.
ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපල 15ක් තිබෙනවා.ඉන් දෙකක් ජාත්‍යන්තර ගුවන් තොටුපලවල්. මත්තල ගුවන්තොටුපල සක්‍රීය ගුවන් තොටුපලක් බවට පත් කරනවා. ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවය දකුණු ආසියානු රටවල් 08 අතර පලමු තැනට පත් වී තිබෙනවා ආසියාවේ රටවල් අතරින් 06 වැනි ස්ථානයත් ලෝකයේ රටවල් අතරින් 19 වන ස්ථානයට පත් වී තිබෙනවා. ඉදිරියේ දී ගුවන්තොටුපලට නවීන විශේෂ ආරක්ෂිත උපකරණ ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා යයි ද පැවසීය.