වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ,ශ්‍රි ලංකාවේ පළමු වරට තාක්ෂණික කෞතුකාගාරයක් විවෘත කරන බවයි.
මෙම කෞතුකාගාරයට 2016 දි මුල්ගල තබා ඇති අතර පුරාණ තාක්ෂණය නවිණ තාක්ෂණ හරහා පාසල් දරුවන්ට,විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට හා මේ සම්බන්ධයෙන් පර්යේෂණ පවත් වන පර්යේෂණයන්ට හා පොදු මහජනතාවට මෙ විශාල ප්‍රයෝජනයක් හා දැනුමක් ලබා ගත හැකියි.
මෙය විවෘත විමෙන් අනතුරුව ජුලි 3 දින හා ජුලි 4 වන දිනයන් හි මහජනතාවට නොමිලේ මෙය නැරඹිමට හැකියි. මෙම තාක්ෂණ කෞතුකාගාරය තුළ මැදිරි 07ක් තිබෙන අතර මේ සඳහා රුපියල් මිලියන 900ක් වැය කර තිබේ.මෙම නරඔන්නන් සඳහා Audio Guiding එකක් ලබා දෙන අතර එය සිංහල,දෙමළ හා ඉංශ්‍රිසි භාෂාවෙන් පරිවර්තන තිබේ.ඊට අමතරව ඉදිරියේ දි තවත් භාෂා කිහිපයක් ද මේ සඳහා එක් කිරිමට බලාපොරොත්තු වන බව අතිරේක ලේකම් පි.කේ.එස්. රවින්ද්‍ර මහතා පැවසිය.
මෙහිදි අදහස් දැක් වු කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනෝජා කස්තුරි මහත්මිය ප්‍රකාශ කළේ, 1877 ශ්‍රිමත් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා ලංකාවට ලබාදුන් කෞතුකාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ඇති කළ පළමු කෞතුකාරය ලෙසයි.මෙය ඵෙතිහාසික අවස්ථාවක් හා නවමු අත්දැකිමක් වන බවයි.අපේ මුතුන් මිත්තන් ඉපැරණි තාක්ෂණය අතින ලෝකයේ ඉදිරියෙන් සිට ඇති බවත්,ඒ අතර මූර්ති ශිල්පය,ගොඩනැගිලි තාක්ෂණය, ආදිය තුළිණි.මෙම ඉපැරණි තාක්ෂණය විදේශකයින්ට පෙන්විමට අපේ රටේ පහසුකම් නොතිබුණු අතර ඒ ඌනතාවය මේ වන විට සම්පුර්ණ වි ඇති බවත් ය. මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වු කෞතුකාගාරයේ නියෝජය අධක්ෂ සෙනරත් වික්‍රමරත්න මහතා පැවසුවේ, 1909 වසරේ ලංකාවේ අවසන් රෙදි වියු යන්ත්‍ර හා පාරම්පරිකව පැවත එන චිත්‍ර ඇඳිම සම්බන්ධයෙන් මුලාශ්‍රයක් වන සාරිපුත්ත පුස්කොළ පත්‍රය ද මෙම කෞතුකාරයේ තැම්පත් කර ඇති බවයි.
මෙහි තාක්ෂණික අනුග්‍රහය ශ්‍රි ලංකා ටෙලිකොම් හා මොබිටෙල් ආයතනය දරයි. මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ද සහභාගි විය.