ශ්‍රී ලාංකික සංචාරකයින්ට තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට යාමට පහසුකම් සැලසීම හා තායිලන්ත සංචාරකයින්ට මෙරට මහනුවර , දළදා මාළිගාව , ශ්‍රී මහා බෝධිය , අටමස්ථාන ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන නැංවීමට පහසුකම් සැලසෙන මෙම ගිවිසුමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති කිෂූ ගෝමස් මහතා සහ තායිලන්ත සංචාරක අධිකාරියේ නියෝජ්‍ය ප්‍රධානී චට්ටාන් කුන්ජාරා හා සයුද්යා යන මහත්වරුන් අතින් අත්සන් තැබූහ.
තායිලන්ත සංචාරක අධිකාරියේ නිළධාරීන්,එරට සංචාරක නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු 60 දෙනෙකුගෙන් යුත් නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ සිටින අතර ඔවුහු ජූලි 01 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් දැකුම්කළු හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන නැරඹීමට යනු ඇත.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නිමිත්තෙන් කොළඹ හිල්ටන් හෝටලයේ (27) පැවැති උත්සවයේදී කතාකළ සංචාරක , ක්‍රිස්තියානි ආගම් හා වන ජීවි ඇමති ජෝන් අමරතුංග මහතා තායිලන්තයත් ශ්‍රී ලංකාවත් බෞද්ධ රටවල් බැවින් දෙරටෙම අවශ්‍යතා සමාන බව කීය. මෙම ගිවිසුම නිසා තායිලන්ත සංචාරකයින් ශ්‍රී ලංකාවේ වැදගත් සිද්ධස්ථාන, පුරාවිද්‍යාස්ථාන හා දර්ශනීය ප්‍රදේශ නැරඹීමට හැකිවන බවද අමාත්‍යවරයා පැවැසීය.