ග්‍රාමීය ජනතාවගේ විවිධ අවශ්‍යතා සහ ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදීම පිණිස පැවැත්වෙන මෙම වැඩ සටහන්වලදී උප්පැන්න, විවාහ සහ මරණ සහතික රියදුරු බලපත්‍ර, ජාතික හැදුනුම්පත් සහ වැඩිහිටි හැදුනුම්පත්, ඉඩම් බලපත්‍ර, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප්, ගොවි විශ්‍රාම වැටුප්, ගාස්තු අයකිරීමකින්තො රව ලබාදෙන අතර වැඩිහිටි දීමනා, ඇස් කණ්නාඩි සහ කාච ලබාදීම, එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය පහසුකම්, වෘත්තීය මාර්ගෝපදේශ, අපනයන භෝග වගාව සහ කෘෂි කාර්මික වගාවන් සදහා අධාර උපදේශන සේවාවන් සහ පැල ලබාදීම, බටහිර සහ ආයුර්වේද සෞඛ්‍ය සායන, කෘෂි උපකරණ සහ වෘත්තීය උපකරණ සැපයීම, පෙර පාසල් සදහා උපකරණ කට්ටල පිරිනැමීම, කලාකරු ආධාර පිරිනැමීම, පැල සහ රෝපණ ද්‍රව්‍ය බෙදා දීම ඇතුලු විවිධ කෙෂ්ත්‍රවලට අදාල පහසුකම් සැපයීම සිදු කෙරේ.
ස්වදේශ කටයුතු අමාත්‍යංශය රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන 75 ක් පමණ මෙම ජංගම සේවා වැඩසටහන්වලට සහභාගී වේ. ඒ අනුව මාතලේ දිසා ලේකම් කාර්යාලගය සහ විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සංවිධානය කරන විල්ගමුව ජංගම සේවා වැඩ සටහන ජුනි 29 දා පෙ.ව 9.00 සිට නාමිණිඔය මාධ්‍යමහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැති අතර අඹන්ගග කෝරළේ ජංගම සේවා වැඩසටහන ජුනි 30 දා පෙ.ව 9.00 සිට මැටිහක්ක මහින්ද විද්‍යාල පරිශ්‍රයේදීද පැවැත්වේ.