1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ පහළොස්වන වගන්තියේ (ඉ) ප්‍රකාරව ස්වකීය කර්තව්‍යයන් ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා අනු කමිටු පත් කිරීම හෝ පළාත් මට්ටමේ ඒකක සමඟ සම්බන්ධීකරණය බලාත්මක කරනු වස් ළමා ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා පාදක සංවිධාන හා සිවිල් සංවිධාන දැනුවත් කිරීමේ හා සම්බන්ධීකරණය කිරීමේ මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.
මෙහි දී අදාළ සංවිධාන විසින් මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා කරන ලදි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලද බව ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරී යූ.ජී. කුසුම්ලතා මහත්මිය පැවසුවා ය.
DMU/Matara