ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    “දිරිය මිනිසුන්ගේ සොඳුරු නිවහන” සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රහකයින්ට චෙක් පත් ප්‍රදානය අගමැති ප්‍රධානත්වයෙන්

    ජූලි 02, 2019

    “දිරිය මිනිසුන්ගේ සොඳුරු නිවහන” සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රහකයින්ට රුපියල් මිලියන 180 ක් ප්‍රදානය කිරීමේ උත්සවය ජුලි මස 02 වන දින පෙ. ව. 9.00 ට ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    2002 වර්ෂයේ ආරම්භ කරන ලද සමෘද්ධි නිවාස ලොතරැයිය දිනුම් ඇඳීමේ වැඩසටහනට අදාළව මේ වන විට ලබා දී ඇති නිවාස සංඛ්‍යාව 28,934 කි. ආරම්භයේ දී එක් නිවසක් සඳහා රුපියල් එක් ලක්ෂ පනස්දහසක් ලබා දුන් අතර මේ වන විට එය ලක්ෂ දෙකක් දක්වා වැඩි කර ඇත. ලොතරැයිය දිනුම් ඇඳීම හරහා නිවාස තුන්සිය තිස් එකක් දෙනා බිහිවන අතර, දෙන මුදල රුපියල් මිලියන 66.2 කි.

    විශේෂ අවශ්‍යතා සහිත උදවිය සඳහා සහ ආබාධ සහිත වූවන්ට, නිදන් ගත රෝග වලින් පෙළෙන අය සඳහාද මෙම මුදල් ආධාරය ලබා දීම විශේෂයක් වන අතර නිවසක් හිමි අයට තම නිවස අලුත්වැඩියා කර ගත හැකි අතර, නොඑසේ නම් එම මුදල ස්වයං රැකියා ව්‍යාපාරයක් සඳහා යෙදවිය හැක. පූජනීය ස්වාමීන් වහන්සේලා, පූජක තුමන්ලා මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් ලොතරැයි ජයග්‍රහණ හිමිවු විට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවසරය පරිදි මෙම මුදල් ලබා ගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya