ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම විසින් පරිත්‍යාග කරන ලද ගිනි නිවන රථ දෙකක් නිල වශයෙන් ජනපතිට භාරදෙයි

    ජූලි 02, 2019

    ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 151ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාරදීම  ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

    වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් මෙකී ගිනි නිවන රථ පරිත්‍යාග ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු අතර, ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ එරංගා තිලකරත්න මහත්මිය විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

    මෙම ගිනි නිවන රථ දෙක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya