ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් බිලියන 12ක වියදමින් සෙත්සිරිපාය 4 වැනි අදියරේ ඉදිකිරීම් ඔක්තෝම්බර් මාසයේ ඇරඹේ

    ජූලි 03, 2019

    සෙත්සිරිපාය 4 වන අදියර වශයෙන් කාර්යාල සංකීර්ණයක්, වාණිජ සංකීර්ණයක් හා සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ඇතුළත් ගොඩනැගිල්ලක් බත්තරමුල්ලේ ඉදිකිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

    කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිතව තිබූ රාජ්‍ය ආයතන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන නගරයට ගෙන ඒමේ රජයේ සැලැස්ම යටතේ ඉදිකිරීමට යන මෙම ගොඩනැගිලි සංකීර්ණය සදහා වැයවන මුදල රුපියල් බිලියන 12 කි.

    රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් වශයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකරන අතර එහි සැලසුම් අනුමත කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් මේ දිනවල සිදුකරගෙන යන බවත් ඉදිකිරීම් ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ පරිපාලන නගර ව්‍යාපෘති අධ්‍යක්ෂ ශ්‍රීමන්ත ප්‍රනාන්දු මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මේ අතර ශ්‍රී ලංකාවේ විශාලතම කාර්යාල සංකීර්ණය වන වර්ග අඩි 1359430ක වපසරියකින් යුත් මහල් 25කින් සමන්විත සෙත්සිරිපාය 3වැනි අදියරේ ඉදිකිරීම් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත්, ඒ සදහා ආයෝජනය රුපියල් බිලියන 15.6ක් බවත් ප්‍රනාන්දු මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya