මේ යටතේ රුපියල් මිලියන 503ක පිරිවැයක් යටතේ මහනුවර ශික්ෂණ රෝහලේ නව මානසික ප්‍රතිකාර ඒකක සංකීර්ණය සහ රැපියල් මිලියන 213.8ක පිරිවැයක් යටතේ හලාවත දිස්ත්‍රික් මහ රෝහල සදහා මානසික ප්‍රතිකාර ඒකක ඉදිකිරීමට නියමිතය.
මෙම ගොඩනැඟිලි ඉදිකිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ඉදිරිපත්ක ළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
වර්තමානය වන විට මෙරට ජනගහනයෙන් 10%ක් පමණ කිසියම් වූ මානසික රෝගයකින් පෙලෙන බවත් ඔවුන් අතරින් 40%ක් පමණක් ප්‍රතිකාර ලබාගන්නා බවත් හදුනාගනු ලැබ ඇති අතර මානසික රෝග පිළිබද ගැටලු අනාගතයේදී වැඩිවන බවට ද උපකල්පනය කර ඇත.
මෙරට ජනගහන ව්‍යූහය හා රෝග හේතුවෙන් ඇතිවන බලපෑම වෙනස් වෙමින් පවතින බැවින් එම තත්වයන්ට මුහුණදීම සදහා සෞඛ්‍ය සේවා සැපයීමේ පද්ධතිය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා රජය කටයුතු යොදා ඇත.