මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම ව්‍යාපෘතියක් වන මෙය දිවයිනේ ඉදිවන විශාලතම කෞතුකාගාරයයි. නූතන යුගයට ගැලපෙන නවීණ තාක්ෂණය යොදා ගෙන තිබීම මෙම කෞතුකාගාරයේ විශේෂත්වයයි.
ඉපැරණි තාක්ෂණය අද වෙසෙන මිනිසුන්ට අවබෝධ කර ගත හැකි වන පරිදි නූතණ තාක්ෂණය භාවිතා කර තිබීම මෙහි විශේෂත්වයකි. නවීන කෞතුකාගාරයක තිබිය යුතු සියලුම අංග වලින් මෙම කෞතුකාගාරය සමන්විතයි.
කෞතුකාගාරය පුරණ තාක්ෂණය හා සම්බන්ධ මැදිරි හතකින් යුක්තවන අතර පළමු මැදිරිය පොළොන්නරු ඉතිහාසයට අදාළ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සඳහාද
තෙවන මැදිරියෙන් මැටි හා වාත්තු තාක්ෂණය හතරවන මැදිරිය වාරි හා කෘෂි තාක්ෂණය ද පස්වන හා හයවන මැදිරිවලින් ගොඩනැගිලි සිතුවම් හා දැව තාක්ෂණයද හත්වෙනි මැදිරියෙන් රෙදිපිළි නාවුක හා ගණිත මිනිත තාක්ෂණයද ප්‍රදර්ශනය වේ.
මැදිරි වලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් මැදිරියක්ද නිර්මාණය කර ඇති අතර නව්‍යකරණ මැදිරියෙන් සීගිරි ජේතවන ආදී පෞරාණික ස්ථාන වල ත්‍රිමාන රූප නිරූපණය වන අතර විශාල පුස්තකාලයක් ද වේ
මෙහි ස්වයං අධ්‍යයනය භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන අතර මෙය විදේශිකයන්ටද පහසුවෙන් පරිහරණය කළ හැකිය. සියළු අධීක්ෂණ කටයුතු කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් සිදු කෙරේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටේල් ආයතන මෙහි තාක්ෂණික අංග සකසා තිබේ.