සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කේ. ඩී. ඒ. එල්. දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ බෙදාදීම සිදු වූ අතර මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා රෝද පුටු 18ක්, අත්වාරු 05ක්, සැරයටි 01ක්, වෝකර් 01ක් බෙදා දුන් අතර මේ සඳහා රු. 2,20,000ක් වැය කර තිබේ.
එමෙන්ම විශේෂ ආබාධ සහිත නිවාස නොමැති පවුලක් සඳහා නිවසක් තනා ගැනීම සඳහා නිවාස ආධාර ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ රු. ලක්ෂ 2 ½ක මුදලක් ද පරිත්‍යාගයක් ද සිදු කළ අතර විවිධ රෝගාබාධවලින් පීඩාවිඳින පවුල් 10ක් සඳහා මසකට රු. 3000ක මූල්‍ය ප්‍රතිපාදනයක් ද ලබාදීමට කටයුතු කළ බව සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කේ. ඩී. ඒ. එල්. දයාරත්න මහතා මෙහිදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රාදේශීය ලේකම් කේ. ඩී. ඒ. එල්. දයාරත්න මහතා
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ මෙම සතිය පුරා ක්‍රියාත්මක කෙරෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන මගින් දිවයිනේ දුෂ්කර ප්‍රදේශයක් වන සියඹලාණ්ඩුව වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත්වන ජනතාවගේ මහජන ගැටලු හඳුනාගෙන ඒවා විසඳීම සඳහා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම එක දිස්ත්‍රික්කයකට කේන්ද්‍ර ගත කරමින් ඉටුකෙරෙන මෙම සේවා ඉතා අගයකරන බවත් මේ සඳහා නායකත්වය ලබාදෙන ජනාධිපති ලේකම් තුමා, දිස්ත්‍රික් ලේකම් තුමිය හා මෙම වැඩසටහන හා සම්බන්ධ සියලු රාජ්‍ය ආයතනවලට සිය කෘතඥතාවය පළකළේය.