එහිදී අදහස් දැක්වූ චම්පික රණවක අමාත්‍යවරයා, අද අපේ රටේ ඉතිහාසයේ සුවිශේෂී දවසක්. මේ රටට දුම්රිය සේවය වසර 100 කටත් ඔබ්බෙන් හඳුන්වාදීමෙන් පසුව මේ ඇතිවන වෙනස මේ රටේ පොදු ප්‍රවාහන ක්ෂෙත්රයේ විප්ලවීය පරිවර්ථනයක් ඊ ළඟ දශකයේදී සිදු කරයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ රට අධික ජන ගහන ඝනත්වයෙන් යුතු රටක්. මේ රටේ තවදුරටත් පෞද්ගලික රථවාහනවලට ඉඩ දීමෙන් රට අඟලක්වත් ඉදිරියට ගෙනයන්න බැහැ. මොකද මාර්ග තදබදය විසින් විශාල සමාජ පීඩනයක් සහ බරපතල ආර්ථික පීඩනයක් අද වන විට එල්ල කර තිබෙන නිසා. ඒනිසා මේ රටේ සෑම පුරවැසියෙකුටම පෞද්ගලික වාහනයක් ලබාදීලා රටේ ප්‍රවාහන ක්ෂෙත්රය දියුණු කිරීමට තවදුරටත් නොහැකි බව අප සියළු දෙනාම අවබෝධ කර ගත යුතුයි. ඒ නිසා පසුගිය දශක එකහාමාරක පමණ කාලය තුළ රජයේ ප්‍රාග්ධන වියදම්වලින් 40% කට වැඩි ප්‍රමාණයක් වැය උනේ පෞද්ගලික ප්‍රවාහනය ඉදිරියට ගෙනයාම සඳහායි. මෙතැන් සිට ඇතිකරන මේ ව්‍යාපෘතිය මගින් විප්ලවකාරී ඉදිරි පියවරක් තබනවා ඇති.
එහිදී විශේෂයෙන්ම දුම්රිය සේවය, බස් නවීකරණය, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම, පවතින දුමරිය නවීකරණය වැනි ව්‍යාපෘති මගින් ඉදිරි දශකයේදී රටේ පොදු ප්‍රවාහන සේවය ඉතාම ශක්තිමත් තලයකට එසවී තැබෙනු ඇතැයි කියා අපි විශ්වාස කරනවා. බොහෝ දෙනෙක් මේවා පිළිබඳව සැකමුසු තැන් ඇතිකළා. රටේ ව්‍යාපෘතියක් ඇති කරන්නට දශක ගාණනක් වැය වෙනවා.
විදුලි බල ක්ෂෙත්රයේ පුරෝගාමියා වූ 1936 දී විමල සුරේන්ද්‍ර මැතිතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ පළමු අවස්ථාවේදී එතුමා යෝජනා කළා අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා විදුලි දුම්රිය ගෙන එන්න. ඒ සඳහා තමයි ලක්ෂපාන ප්‍රධාන විදුලිබල මධ්‍යස්ථානය අවිස්සාවේල්ලේ ඉදිකළේ. දැන් වසර 100 කට ආසන්න වෙලා තිබෙනවා අපට එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව තිබෙන තත්වයක් අද වෙනකන් ඇවිත් තිබෙනවා. නමුත් මේ සිදුවීමත් යෝජිත දුම්රිය නවීකරණ ව්‍යාපෘතියත්, කැළණිවැලි දුම්රිය සහ අනෙකුත් දුම්රිය සේවාවල ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ විප්ලවකාරී පරිවර්ථනයක් සිදුවෙයි කියා අපි විශ්වාස කරනවා.
ඒ වගේම මැනිං වෙළෙඳපල කොළඹ දුම්රිය ස්ථානය අසලින් ලබන වසරේදී ඉවත් කරනවා. ඒ වගේම ප්‍රංශ රජයේ ආධාරයෙන් කොටුව දුම්රිය ස්ථානයත් බස් නැවතුමත් එකට ගෙනයන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මේ වන විට සැලසුම් කර අවසන් කර තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා ලබන වසරේදී එහි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වටපිටාව ලබාදෙයි කියලා.
මේ රටේ ව්‍යාපෘතියක් කරගෙන යාමට ඉතාම විශාල කාලයක් අවශ්‍ය වෙනවා. පසුගිය කාලයේ මේ රටේ සිදු වූ ව්‍යාපෘති බොහොමයක් ඊට දශක ගණනකට පෙර සැළසුම් කොට සිදු කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන සකස් කර තිබූ දේවල්. අපේ රටේ මහවැලි ව්‍යාපාරය එක්දහස් නමසිය පනස් ගණන්වල සැලසුම් කළ දෙයක්, අධිවේගී මාර්ග පද්ධතිය එක්දහස් නමසිය හැට ගණන්වල සැලසුම් කළ දෙයක්. ඒවා දැන් තමයි ක්‍රමයෙන් යතාර්ථයක් බවට පත් වෙන්නේ. නමුත් මේ ව්‍යාපෘතිය අපි ඉතා ආඩම්බරයෙන් කියනවා 2016 දී ආරම්භ කරලා 2019 වන විට සියළුම අධ්‍යනයන් අවසන් කරලා මෙය ප්‍රායෝගිකව කි‍්‍රයාත්මක කරන තත්වයකට පත්වුණා.
අපි 2024-25 වන විට අලූත් රටක් ගොඩනගා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් මේ දුම්රිය පද්ධතිය එනවාය කියන විශ්වාසය නිසා පසුගිය වසරේ බත්තරමුල්ල සහ අවට ප්‍රදේශවල ඉඩම් මිල ගණන් 129%කින් වැඩි වූ බව ප්‍රකාශ කළ යුතුයි. මේ ඒනිසා මෙයින් දැනටමත් මේ ආයෝජනය නිසා සැලකිය යුතු ප්‍රතිලාභයක් අපේ ජනතාවට මේ වන විටත් ඉඩම් හිමියන් සහ අනෙකුත් අයට ලැබී අවසන්. ඔවුනට යුක්ති සහගත වන්දි ගෙවීම් ක්‍රමයක් සමග මේ කටයුත්ත අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
අදින් ඇරඹෙන මේ විප්ලවකාරී පරිවර්ථනය එක් දහස් අටසිය හැට ගණන් වල බි්රතාන්ය ජාතිකයන් විසින් මෙරටට දුම්රිය හඳුන්වාදීමෙන් ඇතිකළ පරිවර්ථනයට වඩා ඉදිරි දශකය හෝ දෙකක ඉදිරියට යාමට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ඔදවත් තෙදවත් රටක් බවට පත් කිරීමට ඒ වගේම මේ රට හැර යන අපේ වෘත්තීයවේදීන් සහ අනෙකුත් ජනතාවට ඉන්න හිතෙන රටක් බවට මේ රට පරිවර්ථනය කිරීමට මේ යෝධ ව්‍යාපෘතිය දායක වනු ඇතැයි ද පැවසීය.