ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්

    ජූලි 04, 2019

    සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

     නානුඔය සිට සිංගල් ට්‍රී කන්ද හා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සීමාසහිත අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරැවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම විසින් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

    දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ශනයත්, උච්ඡත්වයෙන් ඉහළම ස්ථානයක පිහිටා තිබීමත්, සුන්දර පරිසරයකට හිමිකම් කීමත් යන කාරණා හේතුකොට ගනිමින් නුවරඑළිය ප්‍රදේශය මේ සදහා තෝරාගෙන ඇත.

    ඒ අනූව ඇමරිකානු ඩොලර් මිලියන 50ක පමණ ආයෝජනයක් යටතේ නානුඔය දුම්රිය ස්ථානය, නුවරඑළිය තුරග තරග පිටිය හා සිංගල් ට්‍රී කදු මුදුන යා කරමින් කුඵණු 21ක් මත මෙම ව්‍යාපෘතිය ගොඩනැගීමට යෝජිතය.

    මෙය මගීන් 10කට ගමන් කළ හැකි කුටි 86කින් සමන්විත වන අතර එහි පළමු අදියර යටතේ කුටි 43ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

    නුවරඑළියේ සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහල නැංවීමේ පියවරක් වන මෙය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සදහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya