ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    යාපනය පලාලි ගුවන්තොටුපොළ කලාපීය ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීම ඇරඹේ

    ජූලි 05, 2019

    යාපනය පලාලි ගුවන්තොටුපොළ කලාපීය ගුවන්තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීම අද  (05) වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා ඇමති අර්ජුන රණතුංග මහතාගේ සහභාගීත්වයෙන් උදෑසන 08.00 ට පලාලි ගුවන් තොටුපොලේදී උත්සවශ්‍රීයෙන් ඇරඹේ.


    අගෝස්තු මාසයේ පළමුවැනි සතියේදී ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවා ආරම්භ කිරීම මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූලික අරමුණයි. ඉන්දියාවේ මුම්බායි, හයිද්‍රාබාද්, කොංචි, බැංග්ලෝර් ගමනාන්ත දක්වා සිදුකිරීමට
    අපේක්ෂිතයි. යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250ක් වන අතර රජයෙන් රුපියල් මිලිනය 1950ක් ද ඉන්දීය ආධාර වශයෙන් රුපියල් මිලියන 300ක් ද මේ සදහා යොදවා ඇත. ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ දැනටමත් ගුවන්යානා මෙහෙයුම් කටයුතු සදහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ඇතිරීම සිදුකෙරේ. ඒ සමගම ආසන 72 ට අඩු Bombardier  100 වර්ගයේ ගුවන්යානා පලාලි ගුවන් තොටුපොළෙහි හැසිරවීමට අවස්ථාව උදාවෙන අතර ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ එම ප්‍රධාන ධාවන පථය කිලෝ මීටර් 1.5 දක්වා අලුතින්ම ඇතිරීමට නියමිතයි. එය සම්පූර්ණ කිරීමෙන් පසුව පලාලි ගුවන් තොටුපොළින් වර්ග කිලෝ මීටර් 1800 ක ගුවන් අවකාශය ආවරණය වන පරිදි ගුවන්යානා හැසිරවීමට අපේක්ෂා කෙරේ.


    ව්‍යාපෘතියේ තුන්වැනි හෙවත් අවසන් අදියරේදී ප්‍රධාන ධාවන පථයේ මුඵ දුර වූ කිලෝ මීටර් 2.3 ක් දක්වා සම්පූර්ණයෙන්ම ඇතිරීම සිදුකිරීමට නියමිතය. එම අදියර සම්පූර්ණ කිරීමෙන් පසු AL – 320, AL – 321 වැනි ගුවන්යානා හැසිරවීමේ හැකියාව පලාලි ගුවන්තොටුපොළ අත්පත් කරගනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya