ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන වෙනුවෙන් “මාධ්‍ය සාක්ෂරතාවය හා නූතන ජනමාධ්‍ය භාවිතය'' දැනුවත් කිරීමේ වැඩසටහන අද

    ජූලි 05, 2019

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන වෙනුවෙන් “මාධ්‍ය සාක්ෂරතාවය හා නූතන ජනමාධ්‍ය භාවිතය” පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කරන පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන අද (05) මොනරාගල රාජකීය ජාතික පාසලේදී පැවැත්වෙයි.

    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙහෙයවන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සඳහා ජනමාධ්‍ය වැඩමුළුවක් සංවිධානය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු සංවිධනය කරයි.

     “ජනමාධ්‍ය මාධ්‍ය සාක්ෂරතාවය හා නූතන ජනමාධ්‍ය භාවිතය” යන මැයෙන්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන්, මොනරාගල රාජකීය ජාතික පාසැලේදී අද (05) වැඩමුළුව පැවැත්වේ.

    මෙම වැඩමුළුවේදී, “පාඨකයින්ට බලපෑම් කිරීමේදී ලිඛිත මාධ්‍යයේ ප්‍රබලත්වය” යන මැයෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජයතිස්ස ගමගේ, “මාධ්‍ය සාක්ෂරතාව හා නූතන ජනමාධ්‍ය භාවිතය” පිළිබඳව සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බී.අබේකෝන්, “නව ජනමාධ්‍ය හා එහි බලපෑම” පිළිබඳව සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කපිල ආරියවංශ යන මහත්වරුන් විසින් දේශන පැවැත්වීමට නියමිතය.

    මොනරාගල දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන කොට්ඨාශ සියල්ල නියෝජනය කරමින් අ.පො.ස උසස් පෙළ හදාරන සිසු සිසුවියන් 500 ක් පමණ මෙම වැඩමුළුවට සහභාගි වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya