ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    පලාලි ගුවන්තොටුපලින් ඉන්දියාව ඇතුළු ආසියා කලාපයේ රටවලට ගුවන් ගමන අරඹනවා- අමාත්‍ය අර්ජුන රණතුංග

    ජූලි 05, 2019

    පලාලි ගුවන් තොටුපොලෙන් ඉන්දියාව ඇතුළු ආසියා කලාපයේ රටවලට ලබන සැප්තැම්බර් මාසයේ සිට ගුවන් ගමන් ආරම්භ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රනතුන්ග මහතා අද (05) පලාලි හිදී ප්‍රකාශ කළේ ය

    යාපනයේ පලාලි ගුවන්තොටුපොල කලාපීය ගුවන් තොටුපොළක් ලෙස ප්‍රවර්ධනය කිරීම අද(05) පෙරවරුවේ උත්සවාකාරයෙන් ආරම්භ විය.

     අගෝස්තු මාසයේ පළමුවැනි සතියේදී ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවා ආරම්භ කිරීම මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූලික අරමුණයි. ඉන්දියාවේ මුම්බායි, හයිද්‍රාබාද්, කොංචි, බැංග්ලෝර් ගමනාන්ත දක්වා සිදුකිරීමට
    අපේක්ෂිතයි.

    යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250ක් වන අතර රජයෙන් රුපියල් මිලිනය 1950ක් ද ඉන්දීය ආධාර වශයෙන් රුපියල් මිලියන 300ක් ද මේ සදහා යොදවා ඇත.

    ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ දැනටමත් ගුවන්යානා මෙහෙයුම් කටයුතු සදහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ඇතිරීම සිදුකෙරේ.

    ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ එම ප්‍රධාන ධාවන පථය කිලෝ මීටර් 1.5 දක්වා අලුතින්ම ඇතිරීමට නියමිතයි. එය සම්පූර්ණ කිරීමෙන් පසුව පලාලි ගුවන් තොටුපොළින් වර්ග කිලෝ මීටර් 1800 ක ගුවන් අවකාශය ආවරණය වන පරිදි ගුවන්යානා හැසිරවීමට අපේක්ෂා කෙරේ.

     ව්‍යාපෘතියේ තුන්වැනි හෙවත් අවසන් අදියරේදී ප්‍රධාන ධාවන පථයේ මුඵ දුර වූ කිලෝ මීටර් 2.3 ක් දක්වා සම්පූර්ණයෙන්ම ඇතිරීම සිදුකිරීමට නියමිතය. එම අදියර සම්පූර්ණ කිරීමෙන් පසු AL – 320, AL – 321 වැනි ගුවන්යානා හැසිරවීමේ හැකියාව පලාලි ගුවන්තොටුපොළ අත්පත් කරගනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya