ඒ අනුව, ඉකුත් දින හතර තුළදී ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 1091ක් වන අතර ඒ සඳහා වැය කළ මුල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 42.5 කට අධිකය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ගත්කළ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 165 ක්, මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 150ක්, මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 115ක්, බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 105ක්, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 104ක්, බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 100ක්, මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 80ක්, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 79ක්, සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 74ක්, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 72ක් සහ කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 47ක් වශයෙන් වැඩසටහන් 1091 ක් දිස්ත්‍රික්කය පුරා මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම, අද දිනය තුළ (05) තවත් වැඩසටහන් 352 ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන අවසන් වන විට දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දීමට අවස්ථාව සැලසී ඇති බවත් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.
ඒ අනුව, ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් යටතේ ග්‍රාමශක්ති වැඩසටහන් 38 ක් , වකුගඩු නිවාරණ වැඩසටහන් 94, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් 236ක්, පරිසර සංරක්ෂණ වැඩසටහන් 12ක්, දරුවන් සුරකිමු වැඩසටහන් 19ක්, ආබාධ සහිත සහ වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහන් 10ක්, ජනපතිට කියන්න වැඩසටහන් 11 ක් සමස්ත වශයෙන් මෙම වැඩසටහන තුළින් ආවරණය කෙරෙන බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. ඊට අමතරව ඌව පළාත් සභා අමාත්‍යාංශ මගින් වැඩසටහන් 185 ක් හා විවිධ රේඛීය අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන මගින් වැඩසටහන් 1230ක් ද රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන අවසන් වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
රට වෙනුවෙන් එකට සිටිමු මොනරාගල වැඩසටහනේ සමාප්තිය හා ප්‍රගති සමාලෝචනය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජුලි 06 දින බිබිල ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මොනරාගල දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව