ඇමරිකානු ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයකට පසුගියදා එත්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. කොළඹ දී මෙම උත්සවය පැවැත්විනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “ඇමරිකා එක්සත් ජනපදයේ 243 වන ජාතික දිනය සැමරිම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගිවීමට මා ලැබූ අවස්ථාව ගෞරවයක් ලෙස සළකනවා. මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු රජය ඇමරිකා එක්සත් ජනපදයේ රජයට සහ ජනතාවට සුබ පතනවා. අප්‍රේල් 21 දින එල්ල වු ප්‍රහාර මාලාවේ දී ඇමරිකා එක්සත් ජනපදය ඒකමතිකව සහ කඩිනම්ව ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට කටයුතු කළා. ප්‍රහාර මාලාව එල්ල වූ අවස්ථාවේ සිට අභියෝග නොතකා ලක් රජය ආගමික නිදහස, ජාතීන් අතර නිදහස සාමය ගොඩනැංවීම, ප්‍රතිසංස්කරණ ප්‍රජාතාන්ත්‍රිකව සිදු කරනවා. 1948 වසරේ සිට ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර රාජතාන්ත්‍රික සබදතා ආරම්භ වූ අතර, දෙරටම ජනවර්ග වලට ගරු කරමින් ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති හා හරයන් අකුරට ඉටු කරනවා. මෙම තත්ත්වය දෙරට අතර ජනතාව තුල සබදතා තර කිරිමට තවත් හේතුවක් වෙනවා. එම නිසා එම සබදතා ශක්තිමත් වන අතර, ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවදුරටත් මිත්‍ර රාජ්‍යයක් ලෙස කටයුතු කරනවා. 2015 වසරේ දී නව රජයට බලයට පත්වීමෙන් පසු ද්විපාර්ශ්වීය සබදතා ඉහළ අගයක් ගනු ලැබුවා. පසුගිය මැයි මාසයේ දී වෝෂින්ටන් නුවර පැවැති ඇමරිකා- ශ්‍රී ලංකා සහයෝගිතා සම්මන්ත්‍රණයේ දී ද්විපාර්වීය සබදතා තවත් වැඩිදියුණු වුනා. දේශපාලන, ආර්ථික හා ආරක්ෂක විෂයන් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගය පවතින අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුළුල් වපසරියකට ගෙනයාම සදහා ඇමරිකාවෙන් ලැබෙන ආධාර ද අගය කරනවා. පසුගිය අප්‍රෙල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ආධාර මුදලක් ලබාදීම ද අගය කරන අතර, දෙරට අතර වෙළෙද සහ ආයෝජන අවස්ථා ඉහළ දැමිම තුලින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර ගත හැකි බව මාගේ විශ්වාසයයි. ඇමරිකානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා ඇති බවත්, රැකියා අවස්ථා තවදුරටත් නිර්මාණය කිරීමට ඇමරිකාව ලබාදෙන සහයෝගය ද අගය කරනවා. ඇමරිකාව විසින් ලබාදෙන හමුදා ආධාර ද අගය කරන අතර, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අපනයනය කරන ප්‍රධාන රටක් ලෙස ද ඇමරිකාව හදුනාගෙන තිබෙනවා.”
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ තානාපති ඇලයීනා බිටෙප්ලිට්ස් මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.