නටඹුන් සහිත ස්ථානයක් වන මෙහි අඩි 8 ක් දිගට සහ අඩි 6 ක් පළලට මෙම අනවසර කැණීම් සිදු කර තිබේ. මෙම අනවසර කැණීම් සිදු කිරීම සඳහා භාවිත කළ උපකරණ රැසක්ද පොලීසිය භාරයට ගෙන ඇති අතර සීගිරිය පුරාවිද්‍යා කාර්යාලය හා සීගිරිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
සීගිරිය හා දඹුල්ල ප්‍රදේශයන්හි පසුගිය කාලයේ සිදුවූ මෙවන් අනවසර කැණීම් කටයතු හා නිදන් හැරීම් සම්බන්ධයෙන් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර මහතාගේ විශේෂ අවධානයට ලක්කර තිබුණි.