ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රත්නායක මහතා කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී ලෙස වර්ෂ 1991 දී රාජ්‍ය සේවයට එක් වූ අතර, ඉන්පසුව මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යංශයේ විවිධ දෙපාර්තමේන්තු වල විධායක තනතුරු හොඹවමින් කටයුතු කරන ලදී.
නව තනතුරේ පත්වීම් ලැබීමට ප්‍රථම භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මූල්‍ය කළමනාකරණ සහ රාජ්‍ය ණය කළමනාකරණ යන අංශ භාර අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් වසර 5 කට වඩා වැඩි කාලයක් රත්නායක මහතා කටයුතු කර තිබිණි.
උඩුගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයෙන් සහ වේයන්ගොඩ මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ රත්නායක මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේදී විශේෂ ගෞරව උපාධිධරයෙකි.
ශ්‍රී ලංකාවේ වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී ආයතනයේ මෙන්ම ලන්ඩන් හි වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී ආයතනයෙහි ද ආශ්‍රිත සාමාජිකයෙකු වන රත්නායක මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ජෝන් එෆ් කෙනඩි විද්‍යායතනයෙන් සහ සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් ‘‘රාජ්‍ය කළමනාකරණය‘‘ පිළිබඳ පශ්චාත් උපාධියද, නෙදර්ලන්තයේ කළමනාකරණය පිළිබඳ මාස්ට්රිච් විද්‍යායතනයෙන්
‘‘කළමනාකරණ පරිපාලනය සහ කළමනාකරණ තොරතුරු පද්ධතීන්‘‘ සම්බන්ධව පශ්චාත් උපාධිය ද, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ‘‘ව්‍යාපාර සහ මූල්‍ය පරිපාලනය‘‘ පිළිබඳව පශ්චාත් උපාධිලාභියකු ද වන අතර, රාජ්‍ය බැංකු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල භාණ්ඩාගාර නියෝජිත වශයෙන් ද ඵලදායී ලෙස එම ආයතනවල කටයුතු සඳහා තම දායකත්වය ලබා දී ඇත.