ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    චීනයෙන් පරිත්‍යාග කළ නිල මුර සංචාරක නෞකාව කොළඹ වරායේදී නාවික හමුදාව බාරගනී

    ජූලි 08, 2019

    චීන මහජන සමුහ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන ලද පී.625 නැමැති මුර සංචාරක නෞකාව අද (08) පෙරවරු 09.15 ට කොළඹ වරායට සේන්දු විය.

    ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ක්ෂුවේයුවාන් මහතා (Cheng Xueyuan) සමඟ නෞකාව තුළට ගොස් එය බාරගත්තේය.

    ප්‍රහාරක තුවක්කු ද සහිත මෙම පී. 625 නෞකාව දිගින් මීටර් 112 ක් වන අතර පළල මීටර් 12.4 කි. ටොන් 2300 ක බරැති මෙහි නාවික නිලධාරින් 18 දෙනෙක් සහ නාවික සෙබළුන් 92 දෙනෙකු සේවය කරති. මෙහි කපිතාන් වරයා නලින්ද ජයසිංහ මහතාය.

    නෞකාව බාර ගැනීම නිමිත්තෙන් කොළඹ වරායේ එලිසබෙත් ජැටියේ පැවැති උත්සවයට ශ්‍රී ලාංකික ආරාධිත අමුත්තන්, ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයින්, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ නාවික හමුදාවේ උසස් නිලධාරින් රැසක් ද සහභාගි වී සිටිය හ.

    මෙම නෞකාව ළගදීම අධිකාරි ගත කිරීමෙන් පසු ඈත මුහුදේ මුර සංචාර හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම, නීති විරෝධීලෙස රටින් පිටව යන සංක්‍රමණිකයින් ඇල්ලීම ආදී කටයුතු සදහා යෙදවිමට බලාපොරොත්තුවන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.


    පී 625 දරණ මෙම නෞකාව චීනයේ ෂැන්හයි වරායේදී 2019 ජුනි මස 05 වැනි දින නාවික හමුදාවේ රියාල් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න මහතාට චීන නාවික හමුදාවේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ෆෑන් ජියාං ජුන් මහතා විසින් බාරදී තිබේ. එය ශ්‍රී ලංකාව බලා එහි සිට පිටත්වී අැත්තේ ජුනි මස 25 දා ය.

    china sip

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya