ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    "සොබාසිරිපුර" ආදර්ශ ගම්මානය ජනතා අයිතියට

    ජූලි 08, 2019

    2025 සැමට සෙවන උදාගම්මාන 20,000 සංකල්පය යටතේ කොළඹ දිස්ත්‍රික්කය සීතාවක ඉදිවු 214 වන ආදර්ශ ගම්මානය "සොබාසිරිපුර" නිවාස, ඉදිකිර්ම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජුලි 08 අද දින ජනතා අයිතියට පත් කරයි.

     "සොබාසිරිපුර"  ආදර්ශ ගම්මානය ජලය හා විදුලිය පහසුකම්, අභ්‍යන්තර මාර්ග පහසුකම් සහ ප්‍රවේශ මාර්ග වලින් පරිපුර්ණ නව නිවාස 27 කින් සමන්විත වෙයි. මෙම වැඩසටහනට සමගාමීව තවත් වැඩසටහන් රාශියක් මෙදිනම ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබේ.

    "සොබාසිරිපුර"ආදර්ශ ගම්මානයේ පවුල් 27 කට නිවාස හිමිකම ලබාදීම,සංවර්ධිත බිම් කොටස් 27 ක හිමිකම ලබාදීම. ( වටිනාකම රු. ලක්ෂ 151.2), ප්‍රතිලාභින් සදහා "විරුසුමිතුරු" නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය.(වටිනාකම රු.ලක්ෂ 131),ප්‍රතිලාභින් 134ක් සදහා "විසිරි ණය" චෙක්පත් ප්‍රදානය.(වටිනාකම රු.ලක්ෂ 274),ප්‍රතිලාභීන් 152 ක් සදහා 'සොඳුරුපියස" නිවාස ණය ප්‍රදානය.(වටිනාකම රු.ලක්ෂ 304),"ශිල්ප සවිය" පුහුණුලාභීන් 58 ක් සදහා ප්‍රතිලාභ ලබාදීම.(වටිනාකම රු.ලක්ෂ 29),කාලාකරුවන් ඇගයීමේ මුල්‍ය හා සහතිකපත් ප්‍රදානය. දෘෂ්ඨි ආබාධ සහිතවුවන් සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානය ක්‍රියාත්මක කෙරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya