ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ දීමනා හා පහසුකම් වැඩි කිරීමට තීරණයක් - අමාත්‍ය පි.හැරිසන්

    ජූලි 09, 2019

    නිසි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් කරා රට ගෙනයාමට නම් පළමුව කෘෂි පර්යේෂණ නිලධාරියාව තෘප්තිමත් කල යුතුව ඇතැයි කෘෂිකර්ම , පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි.හැරිසන් මහතා ගාල්ල සිරිධම්ම විද්‍යාලයේ පැවති කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ හමුවට එක්වෙමින් පැවසීය


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,


    ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ගත්තාම නිලධාරීන් දාසය දාහක් විතර ඉන්නවා එකෙන් මං හිතන්නේ දහදාහකට ආසන්නව ඉන්නේ කෘෂිකර්ම පර්යේෂණ නිළධාරි මහත්තුරු මහත්මීන් හැබැයි අපි සාකච්ඡා කරලා තියෙනවා මේ අයගේ තනතුරු නාම වෙනස් කරන්න.

    මෙතන වැඩි දෙනෙක් ඇවිල්ලා තියෙන්නේ දේශපාලන පත්වීම් වලින් මං ඒකට දොස් කියන්නේ නෑ එක්සත් ජාතික පක්ෂය ඇතිවූ කාලෙත් විශේෂ සේවා නිළධාරින් පත් කෙරුවා, වගා නිලධාරීන් පත් කෙරුවා, ඒ ආණ්ඩුව පිහිටුවන්න උදව් කරපු අයට ඒ තනතුරු දීලා තියෙනවා. පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ ඒ ආණ්ඩුව පිහිටුවන්න උදව් කරපු දෙමවුපියන්ගේ දරුවන්ට සමෘද්ධි නිලධාරී තනතුරු දුන්නා කෘෂිකර්ම පර්යේෂණ නිළධාරි පත්වීම් දුන්නා ඒක කරන්න ඕන ආණ්ඩුවක් උනාම හැබැයි ඒ තනතුරේ හැමදාම හිටියම සමහර වෙලාවට අපි කොච්චර සමහර වෙලාවට කෘපනිස මහත්වරුන් මහත්මීන් ඉන්නවා උපාධිධාරීන්. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම වජිර අබේගුණවර්ධන මැතිතුමාටත් එක්ක කියන්නේ ඔබතුමාගේ සමහර නිලධාරීන් මේගොල්ලෝ පැත්තකින් තියල තියෙනවා ඒ අය අපි දිහා බලන්නේ දේශපාලන කෝණයෙන් මේ අය දේශපාලන පත්වීම්වලින් ආවා කියලා කියනවා හුඟක් තැන්වල .

    ඒ විතරක් නෙවෙයි මේ අය කරන සේවාව අගය කරන්න ගොඩක් අය දන්නේ නෑ සමහරු අහනවා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී ට තියෙන්නේ පොහොර බෙදන එක විතරයි කියලා හැබැයි කෘෂි රක්ෂණ වැඩ කටයුත්තට මේ අය සහභාගී වෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවට මේ අය තමයි උදව් කරන්නේ ආණ්ඩුවෙන් කෘෂිකර්මය වෙනුවෙන් දෙන පණිවිඩ ගමට ගෙනියන්නෙත් මේ අය ඒ වගේම සේනා දළඹුවාගේ ප්‍රශ්නය ආපු වෙලාවේ මේ අය තමයි ක්ෂේත්‍රයට ගිහිල්ලා ඒ තොරතුරු ටික ඉහලට ගෙනාවේ සේවාවන් ගණනාවක් කරනවා හැබැයි ඒ අයට ඇගැයීමට ලක් වෙන්නේ ඉතාම කලාතුරකින්.ඒ විතරක් නෙවෙයි අපේ කොමසාරිස් ජනරාල්තුමා කිව්වා වගේම සිතමු කාන්තා සමිති විසිදාහක් ලංකාවේ තියෙනවා තව ගොවි සංවිධාන පහළොස් දාහක් විතර තියෙනවා.

    මේගොල්ලන්ගේ නිලධාරීන්ගේ කොටසක් තමයි සිතමු කාන්තා සමිතිය හදලා ඒවා දියුණු කරන්නේ ,ඒ වගේම ඒ ගොල්ලන්ගේ ණය පහසුකම් සපයන්නේ මේ අය කෘෂිකාර්මික බැංකුවේ වැඩ කටයුතු කරන්නේ මේ අය ඒ නිසා අපේ නිලධාරීන් විශාල සේවාවක් කරනවා මම කෘෂිකර්ම ඇමැතිවරයා හැටියට දේශපාලන විදියට ඔබතුමාලා දැකපු දේශපාලනයට අනෙක් පැත්තෙන් කෙනෙක් මම ආවම සමහර අය හිතන්න ඇති අපි මේ අයගේන් ඒ දේශපාලන මුහුණුවරකින් වැඩ කරයි කියලා මම එහෙම කරන්නෑ
    මං සමෘද්ධි වැඩසටහනට ඇවිත් කිව්වේ සමෘද්ධි නිලධාරීන් අවුරුදු 27කින් ස්ථීර කරලා නෑ ඒ අය ස්ථිර කරන්න අපි වැඩසටහනක් හැදුවේ සමහරු කියයි මං මොකටද ඒ අය ස්ථිර කරන්නේ ඒ අය දේශපාලන පත්වීම් වලින් ආපු අයනේ කියලා. නමුත් ඒ අය විශාල සේවාවක් කරලා තියෙනවා මේ අවුරුදු පහළොවක විස්සක ඒ අයට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා ඒක නිසා මම ඇවිල්ල ඉස්සෙල්ලාම කලේ සමෘද්ධි ලාභියෙකුට අලුතෙන් සමෘද්ධිය දෙනවට වැඩිය මේ නිලධාරීන් ශක්තිමත් කරන්න ඒ වගේම ප්‍රශ්නයක් තිබුණා ඔබතුමන්ලාගේ වයස අවුරුදු 45 වෙච්ච අය ස්ථිර කරන්නේ කොහොමද කියලා දැන් ඒකට මම ඇවිල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරුවා 45 හිටපු අයට ස්ථිර කරන්න බැරි නම් අර දෙදාහේ සමෘද්ධි නිලධාරීන් හිටපු කාලෙ ඉඳලා සේවාවට ආපස්සට ගිහිල්ලා මේ අය ස්ථිර කරන්න දැන් ඒ කාර්යය කරලා තියෙනවා. ඒ නිසා කාටවත් බය වෙන්න දෙයක් නෑ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ට තම විශ්‍රාම වැටුප ගැන .

    ඒ වගේම අපි කොමසාරිස්තුමාට කතා කළා මේ අයගේ අර ගමන් ගාස්තු රුපියල් 600 තියෙන්නේ ඒක ප්‍රමාණවත් නෑ කියලා දැන් කොමසාරිස්තුමා එකඟවෙලා තියෙනවා. රුපියල් 800 දක්වා වැඩි කරන්න. දැන ලිපි ද්‍රව්‍ය දීමනාව රුපියල් 650ක දීමනාවක් දෙනවා මදි වුණොත් කමිටුවෙන් අරන් ඉතුරු ටික පියවා ගන්නත් දැන් ලෑස්ති කරලා තියෙනවා එක නිලධාරිනියක් මට කිව්වා බෑග් එකක් නෑ කියලා කොමසාරිස්තුමා කිව්වා එන අවුරුද්දේ ඉඳලා හැමෝටම බෑග් එකක් දෙන්න කියලා.

    මට කිව්වා ගාල්ල දිස්ත්‍රික්කයේ වජිර අබේවර්ධන මැතිතුමා නිලසෙවණ හදලා තියනවා එතන ඉන්න අයට උපකරණ නෑ කියලා මං හිතන්නේ කොමසාරිස් ජනරාල්තුමාගේ කතාවේදී කියයි නිලසෙවණ හදපු හැමටම අවශ්‍ය උපකරණ ටික ලබා දෙන්න අපේ නිලධාරීන්ට විතරක් මේසයක් පුටුවක් නැතුව හරියන්නෑ.
    අපි ඒ වගේම ඔයගොල්ලන්ගෙ තියෙන ගොවි බැංකු ටික අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්ද ඒක අපේ ගොවි බැංකුව ශක්තිමත් කරන්න අනෙක් වාණිජ බැංකු එක්ක තරග කරන්න පුළුවන් විදියට ගෙනියන්න ඕන අපේ බැංකු ශක්තිමත් කරන්න ඕන මීට වැඩිය මේ අයට සහන ණය යෝජනා ක්‍රම වැඩි කරන්න ඒකටත් අපි වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා මේ ඔක්කොම කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැටියට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කොමසාරිස් ජනරාල්තුමා ඒ අංශය සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා .

    ඒ වගේම එතුමාගේ කාර්යභාරය ඉතිං ඒක නිසා අද දවසේ මං ඔබතුමාට කියන්නේ, විශේෂයෙන් විෂය භාර ඇමැතිවරයා හැටියට මගෙන් කළ යුතු ඒ සියලු යුතුකම් කොටස කරන්න අපි ලෑස්තියි. ඒ විතරක් නෙවෙයි අපි අමාත්‍යංශයත් එක්ක ගත්තම ආයතන හතළිස් අටක් විතර තියෙනවා දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත්තම විදේශීය පුහුණු වලට යන්න විදේශීය ශිෂ්‍යත්ව ලැබෙනවා. විශාල පිරිසකට හැබැයි ගොවිජන සේවා එකේ එහෙම නෑ ඒක නිසා අපි දැන් ඒකටත් වැඩපිළිවෙළක් හදනවා හොදම සංවර්ධන නිලධාරි මහත්තුරු පිටරට යවන්න වැඩපිළිවෙළක්.

    ඒ විතරක් නෙවෙයි දක්ෂ ලෙස වැඩ කරන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි මහත්වරුන් ඉන්නවා ,ඉතාමත්ම මහන්සි වෙලා වැඩ කරන පිරිසක් ඉන්නවා හැබැයි සුළු කොටසක් ඉන්නවා ගන්න පඩියට වැඩක් කරන්න නැති අය ඒක නිසා ඒක ඉතාමත්ම නරක වැඩක් ඒ කවුද කියලා තමන්ගේ හෘද සාක්ෂියට අනුව හිතලා බැලුවොත් හොඳයි.
    ඒක නිසා කරුණාකරලා ඒ අයටත් කියන්නේ හර කොමසාරිස් ජනරාල්තුමා කිව්වා අපි ගන්න පඩියට ජනතාව ජනතාව ගෙවන බදු මුදල්. අපි ජනතාවගෙ බදු මුදල් වලින් යැපෙන්නේ.ඒක නිසා ඒ අයගෙන් ඉල්ලන්නේ ඕගොල්ලො හොඳට ඒ කාර්යය කරන්න උදව් කරන්න මොකද මෙතන ඉන්න විශාල පිරිසක් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්තුමා හැටියට මිලියන පන්සිය ගානක් අපට පඩි ගෙවන්න විතරක් මේ දෙපාර්තමේන්තුවට මාසයකට ගෙවනවා

     

    අපට බැරි වෙලා තියෙනවා රටේ අවශ්‍යතාවයට අනුව බීජ ටික හදාගන්න. අපි අල ටික පිටරටින් ගේනවා කවුපි ටික,ගේනවා, බඩඉරිඟු ටික ගේනවා. අපි දවස් තුනක සාකච්ඡාවක් තියලා අපි බැලුවා කොයි විදියටද මේවා නතර කරන්නේ කියලා සාකච්ඡා කරලා තියෙනවා අපි අලුත් කෘෂිකාර්මික ප්‍රතිපත්තියකට යන්න වැඩසටහනක් හදලා තියෙනවා එහෙම වුනොත් අපිට අවුරුදු දෙකක් ඇතුළත රටේ ආනයනය කරන භාණ්ඩ වලින් ගණනාවක් නතර කරන්න පුළුවන් .

    එම වැඩසටහන දැන් ක්‍රියාත්මක කරනවා. අපි තීරණය කරලා තියෙනවා යලකන්නයේ වී මිල වැඩි කරන්න. අපිට තේරෙනවා කන්න පහකින් වී මිල වැඩි වෙලා නෑ අපි වී හා හාල් මිල එක සූත්‍රයකට අනුව වැඩි වෙන්න හදලා තියනවා. එහිදී පාරිභෝගිකයන්ට හානියක් නොවන විදියට ගොවියාටත් හානියක් නොවන විදියට ඒ වැඩිවන වී මිලට සමානව හාල් විකුණන්න ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා.

    මං විශේෂයෙන්ම ඔබතුමාලට කියන්නේ ඔබතුමාලා ලොකු සේවාවක් කරනවා අපි එය ඉහළින් අගයනවා. ඒ වගේම අපට මීට වඩා වැඩ කොටසක් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් කෘෂිකර්මය වෙනුවෙන් මේ රටේ සෘජුවම සහ වක්‍ර විදිහට නිලධාරීන් ලක්ෂ දෙකහමාරක් තුනක් සම්බන්ධ වෙනවා පොහොර සහනාධාරය වෙනුවෙන් අවුරුද්දකට බිලියන තිස්පහක් වියදම් කරනවා. පඩිනඩි සහ අනෙකුත් සහනාධාර බැලුවොත් බිලියන දෙසීයක් විතර වියදම් කරනවා එක අවුරුද්දකට හැබැයි අපි තාම ස්වයංපෝෂිත වෙලා නෑ සතුටු වෙන්න බෑ රටේ කෘෂිකර්මාන්තය පිළිබඳ ඒකට මට විතරක් නෙවෙයි ඉතිහාසය ඉඳලා තිබුණු හැම ආණ්ඩුවක්ම වගකියන්න ඕන. ඒ වගේම අපි හරි ක්‍රමවේදයකට යන්න ඕන ඉන්දියාවට පුළුවන් වෙලා තියෙනවා කෝටි එකසිය පනහකට වැඩි ජනගහනයක් ඉන්නවා ඉන්දියාවේ හැබැයි ඒ ගොල්ලන්ගෙ කෑම ටික පිටරටින් ගේන්නෑ ඒගොල්ලෝ ස්වයංපෝෂිතයි අපට කෝටි දෙකක් ඉන්න රටක තාම බැරි බැරි වෙලා තියෙනවා අපේම අපේ ම ක්‍රමවේදය හදාගන්න.

    කෘෂිකාර්මික රටක් ලෙස මෙරට වැවෙන බෝග ටික අපි තාමත් පිටරටින් ආනයනය කරනවා මුංඇට හැදෙනව කවුපි හැදෙනවා, කුරක්කන් හැදෙනවා ඒවා වගා කරන්න පුළුවන්කම තියෙද්දි පිටරටින් ආනයනය කරනවා ඒක වහාම නැවැත්විය යුතුයි.

    එහෙනම් කෘෂිකර්මයේ ඉන්න ඇමැතිවරයා හැටියට මටත් නිලධාරීන් හැටියට ඔබටත් ඒ වගකීම තියෙනවා. ඒ වගකීම් ඉටු කරන්න ඔබ සැවොම සහයෝගය දෙන්නයි මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබගෙන් සහයෝගය වගේම හරියට වැඩ කරන නිලධාරීන් ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා. ඒ නිසා කිසිම පැකිලීමකින් තොරව ඒ අයව ආරක්ෂා කරනවා වගේම වැඩ නොකරන කෙනෙක් ඉන්නවනම් අවශ්‍ය විදිහට කටයුතු කරන්න කිසිම මැලිකමක් දක්වන්නේ නැති බව කණගාටුවෙන් මතක් කර සිටිනවා.
    ඒක නිසා මට විශ්වාසයි ගාල්ලේ අය අය රට ජාතිය ගැන හැඟීමක් තියෙනවා කියලා ඒ නිසා අප ඉල්ලා සිටිනවා ගන්න පඩියට රටට වැඩක් කරන්න යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කිය. මෙම අවස්ථාවට ස්වදේශීය කටයුතු හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්දන මහතා සහ ගොවිජන සංවර්ධන දෙපාර්ත මෙන්තුවේ කොමසාරිස් ජනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා ඇතුලු ගාල්ල දිස්ත්රික්කයේ කෘෂි පර්යේෂණ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya