ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    තේරිම් කාරක සභාවෙන් මීට කලින් නොදත් කරුණු රාශියක් හෙළිදරව් වුණා- නඩුවලට කිසිදු අගතියක් වන්නේ නෑ - සභානායක

    ජූලි 09, 2019

    පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයාබලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවෙන් මීට කලින් නොදත් කරුණු රාශියක් හෙළිදරව් වූ බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් සිදු කළ ප්‍රකාශය  අතරතුර ඇති වූ විවාදයේ දී අඳහස් දක්වමින් සභානායකවරයා  අද (9) පාර්ලිමේන්තුවේ දී මෙසේ සඳහන් කළේ ය.

    පසුගිය රජය කාලේ,අග්‍රවිනිශ්චයකාරවරිය වෙනුවෙන් පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවක් පත් කළා.අධිකරණයෙන් නියෝගයක් දුන්නා නවත්වන්න කියලා. එය නැවැත්තුවාද? පැය 24න් නඩු ඇසුවා. මේ  තෙරිම්කාරක සභාව නඩුවක් නොවේ.සාක්ෂි එකතු කිරීමක්. තේරිම් කාරක සභාවෙන් මීට කලින් නොදත්  කරුණු රාශියක් හෙළිදරව් වුණා. එයයි මේකේ වැදගත්කම.නඩුවලට කිසිදු අගතියක් වන්නේ නෑ. සාක්ෂි  හෙළිදරව් වෙනකොට සමහර අය අස්වුණා. මේකට යන්නේ නෑ කියන්නේ හංගන්න දේවල් තියෙනවා.උත්තර  දෙන්න බැරි නිසයි.කාට එන්න කිව්වත් එන්න ඕන. එකයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.කාටවත් බෑ  කියන්න බැහැ. පාර්ලිමේන්තු කටයුතුවලට ශ්‍රේෂ්ඨාධිකරණයටවත්,ඇපෑල් අධිකරණයටවත්, නීතිපතිවරයාටවත්  මැඳහත් වෙන්න බෑ.ඒක මූලික නීතියක්.පාර්ලිමේන්තුව හෑල්ලු කරන්න එපා. පාර්ලිමේන්තු තේරුම්කරක සභාව  ජනප්‍රියයි. මෙතෙක් නොදත් කරුණු විශල රාශියක් එළියට ආවායැයි ද සභානායකවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya