අද පවතින කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැමිණියේ ය. මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත මීට පෙර කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණ ද ඒ මහතා කාරක සභාව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබුණි.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා අද පවතින කාරක සභාව හමුවට පැමිණියේ ය. කාරක සභාව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් ආරම්භ විය.
මීට ආමතරව කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රනසිංහ මහතා සහ ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා කැඳවා තිබුණි.