ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත: අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය

    ජූලි 11, 2019

    පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී  (9) පැවති මාධ්‍ය හමුවක දී පැවසීයැයි මාධ්‍ය විසින් වාර්තා කොට තිබිණි.


    එම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොලැබුණු බවත්, ජනාධිපතිවරයා විසින් එයට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළත් එම සංශෝධන හෝ ඇතුළත් නොකර ගැසට් කර තිබෙන බවත් මහලේකම්වරයා සඳහන් කළ බවද වාර්තා විය.

    රජය විසින් අත්සන් කිරීමට නියමිතව ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනුව ඇමෙරිකාවට හා බහුජාතික සමාගම්වලට මෙරට ඉඩම් පැවරීමේ හැකියාව ලැබෙන අයුරින් මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙන බව ද දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කොට ඇත.

    ඉහත කරුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.

    ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉඩම් (විශෙෂ විධි විධාන) පනත් කෙටුම්පතට ඇතුළත් විය යුතු යැයි නිර්දේශ කර ඇති සංශෝධන සඳහා නිතිපතිතුමාගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඉන් අනතුරුව එම සංශෝධන ඉඩම් අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේ දී පනතට ඇතුළත් කිරීම සඳහා කටයුතු කරනු ලැබේ. මේ සඳහා ගරු ජනාධිපතිතුමා ගේ  අනුමැතිය ලැබී ඇත.

    මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුමේ එසේ  විදේශිකයනට ඉඩම් පැවරීමේ හෝ විකිණීමේ කිසිම යෝජනාවක් හෝ කොන්දේසියක් ඇතුළත් වී නැත.

    "මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්" ගිවිසුම යනු ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ආධාර ලබා ගැනීම සඳහා වන ගිවිසුමක් පමණකි. මෙහිදී අප විසින් ඉල්ලා ඇති ව්‍යාපෘති ගණනාවක් සඳහා ඇමරිකාව විසින් මුදල් ප්‍රදානයක් ලබා දෙයි. ඩොලර් මිලියන 350ක ඇස්තමේන්තු ගත ප්‍රවාහන ව්‍යාපෘති විසින් ඉදිරි වසර 20 තුළ අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ අනුපාතය 19% වන අතර, ඒ මගින් බස්නාහිරමධ්‍යමසබරගමුවඌව පළාත්වල නගරබද හා පළාත් බද ප්‍රවාහන යටිතල පහසුකම් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙයි.

    අනෙක් ව්‍යාපෘතිය ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියයි. ඒ ව්‍යාපෘතිය යටතේ අප ආධාර ඉල්ලා තිබෙන්නේ ඉඩම් ලේඛනගත කිරීම, රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි කිරීමඉඩම් වාර්තා ඩිජිටල් ගත කිරීම,දේපල ඔප්පු හිමිකම් සහතික බවට පරිවර්තනය කිරීමඉඩම් ප්‍රතිපත්ති ලේකම් කාර්යාලය ඇතිකිරීම යන කටයුතු  සඳහා පමණකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya