අද (11) පාර්ලිමේන්තුවේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ විවාදයට එක්වෙමින් රජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
අපි එක්සත් හා ප්‍රතිපත්තිගරු දේශපාලනයක් ගෙන ගියා. ජාතික සංහිදියාව ජාතික එකාග්‍රතාවය ගොඩනගන අපේක්ෂාවෙන් කටයුතු කළේ. සංහිදියාව තුළින් ආර්ථික සංවර්ධනය ඇති කිරීමට කටයුතු කළා. පුද්ගල නිදාහස තහවුරු කළා. ප්‍රතිසංස්කරණ සමුදායක් හඳුනවා දෙන්න කටයුතු කළා. සිවිල් සමාජයට විනිවිද පෙනෙන අයුරින් කටයුතු කරන්න අවස්ථාව සළසා දුන්නා. නිදහස හා කතා කිරීමේ අයිතිය ලබාදුන්නා.
පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් අප කණගාටුව ප්‍රකාශ කරනවා.වෛරී දේශපාලකයින් නිස මෙවැනි දේ ඇති වුණා. ඒ තුළින් ජනතව තුළ බියක් ඇති වුණා. වර්ගවාදී දේශපාලනයන් මේ තුළින් ඉවත් කළ යුතුයි.
ඉඩම් අයිතිවසිකම් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. සෝෆා කියන්නේ තවත් එකඟතාවයක්. රටවල් ගණනාවක් සමඟ මෙවැනි එකඟතා අත්සන් කර තිබෙනවා. සෝෆා එකට තවම අත්සන් කර නෑ. ගෝලීය වශයෙන් නොයෙක් ජාතිවාදී මතවාද භාවිතා කරනවා. රජයන් වෙනස් වෙනවා. සමාජයේ මිනිසුන් එලෙසම සිටිනවා. සමඟිය,එකමුතුකම ප්‍රවර්ධනය කිරීම අවශ්‍යයි.මේ විශ්වාසභංගය පරාජය කරන්න කියලා සභාවෙන් ඉල්ලා සිටිනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.