ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' ප්‍රදර්ශනයේ මීළඟ අදියර අනුරාධපුරයේ දී

    ජූලි 13, 2019

    ව්‍යවසායකත්ව සංවර්ධනය අරමුණු කරගත් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා '' ප්‍රදර්ශනය එළඹෙන 24 වනදා සිට 27 වනදා දක්වා අනුරාධපුරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් ඇතැයි, අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම් .වන්නිනායක මහතා පැවැසී ය.

    මේ සම්බන්ධයෙන් ඊයේ (12 ) දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ රැස්වීමක් ද පැවැත්විණි. එහිදී අදහස් දැක් වූ භාණ්ඩාගාර නියෝජ්ය ලේකම් ඒ.එම් .පී .එම් .බී. අතපත්තු මහතා කියා සිටියේ අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ කිරිමට නියමිත බවයි.

    වෙළඳ කුටි 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විතව පවත්වන මෙම ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන ඇති වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනය තුළ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. ප්‍රදර්ශනය පැවැත්වෙන කාලයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අනුරධපුර පොලීසය සඳහන් කරයි. ආපදා වැළැක්වීමේ මෙහෙයුම් සැලැස්මක් ද පවතින බව පැවැති රැස්වීමේ දී අදහස් දක්වමින් දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා පැවැසී ය. ප්‍රදර්ශනයට සමගාමීව පාසල් දරුවන් සඳහා විවිධ තරඟ ද සංවිධානය කර තිබේ.

     පැවැති සාකච්ඡාව සඳහා අමාත්‍ය පී. හැරිසන් මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් .ටී. අනෝමා මානෙල් මහත්මිය සහදිස්ත්‍රික්කයේ ප්‍රධාන ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී විය.

    DMU/Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya