මාර්තු 29, 2025
tami eng youtube  twitter facebook

    උතුරු පළාතේ කජු වතු නැවත සංවර්ධනයට පියවර

    ජූලි 18, 2019

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා කජු සංස්ථාව සතු උතුරු පළාතේ පවතින කජු වතු සංවර්ධනය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) දා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විනි.

    උතුරු පළාතේ පවතින කජු වතු සංවර්ධනය කොට පළාතේ ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකා කජු සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය.

    එලෙසම එම කජු වතු ආශ්‍රිත රැකියා අවස්ථා පළාතේ රැකියා වියුක්තිය අඩු කිරීමට යොදා ගැනීමේ වැදගත්කම ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,ඉඩම් කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා කජු සංස්ථාව නියෝජනය කරමින් නිළධාරීන් පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya