ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    ජූලි 18, 2019

    දිවයිනේ අහස වළාකුලින් බරව පවතින අතර, දිවයිනේ නිරිත දිග කොටසේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවලත් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ජූලි මස 20 වන දා දක්වා තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60)පමණ දක්වා තද සුළං ද සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ දක්වා තරමක තද සුළං ද ඇති විය හැක.

    සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ක පමණ ඉතා තද වර්ෂාපතනයන්ද, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවද අද (18) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya