2018 වසර වනවිට මෙරට සියලු පාසල්වල හඳුනාගත් 3 වන පන්තියේ විදුහල්පති පුරප්පාඩු සංඛ්‍යාව 1918ක් වන අතර ඊට අදාළ ව මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ජුලි මස 29 වැනි දා සිට ඇරඹෙයි. විදුහල්පතිවරුන් බඳවාගැනීමට අදාළ ව පැවැත්වූ තරග විභාගයෙන් ඉහළින් සමත් වූවන් අතුරින් පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලබන අතර, මේ වනවිටත් අදාළ කැඳවීම් ලිපි යොමු කර ඇත.
මීට අමතර ව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන නිලධාරීන්ගේ නාම ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියේ පළ කර ඇත. එමෙන් ම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනයන් සහ අදාළ වේලාවන් සම්බන්ධ තොරතුරු ද හෙට (19) සිට අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතයි.