මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර නගරය සහ ඒ අවට ප්‍රදේශය මත්පැන් සහ දුම්වැටි නිවාරණ කලාපයක් බවට පත් කිරීමට ඇසළ පෙරහැර කමිටුවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඇසළ පෙරහැර
පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර නගරය සිට කලෝමීටර් පහක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක සියළු සුරාසැල් වසා තැබීමටත්, දුම්වැටි අලෙවි නොකිරීමටත් කටයුතු කළ හැකි බව කමිටුවේ අදහස විය. ඒ අනුව ඇසළ පෙරහැර කමිටුවේ නිර්දේශ යොමු කළ පසු සුදුසු තීරණයක් ගත හැකි බව කමිටුව නියෝජනය කළ සුරබාදු දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් ස්ථානභාර නිලධාරී ශාන්දදේව ද සිල්වා මහතා කමිටුව හමුවේ දැනුම් දෙන ලදී.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලෙම් ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සංවිධායකත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් රජයේ සහ රාජ්‍ය නොවන සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ඊයේ (18) පැවැත්විනි.
මෙහිදී ආරක්ෂක තත්වය පිළිබද පැහැදිලි කළ මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන් සිසිර කුමාර මහතා, පෙරහැර රාජකාරී සදහා අවශ්‍ය පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් පරිදි යොදවන බවත්, අවශ්‍යතාවය අනුව ඔවුන් පිට පළාත් වලින් ගෙන්වන බවත් පැවසීය.
පෙරහැර කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව පැවසූ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව පීඩාවට පත් නොවන පරිදි ආරක්ෂක වැඩපිළිවෙල දියත් කිරීමට සැලසුම් කොට ඇති බවද පැවසීය. මීට අමතරව නාවුක හමුදාව විසින් පෙරහැර නැරඹීමට එන බැතිමතුන්ගේ ආරක්ෂාව පතා ජීවතාරක්ෂක බෝට්ටු යෙදවීමට කටයුතු යොදා ඇති අතර, මහනුවර සහ පේරාදෙණිය රෝහල් මගින් විශේෂ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයක්ද යෙදවීමට කටයුතු යොදා තිබේ.
2019 අගෝස්තු 02 වැනි දින පෙරවරු 5.10 ට යෙදෙන සුභ මොහොතින් කප් සිටුවීමෙන් ආරම්භ කෙරෙන පෙරහැර මංගල්‍යය අගෝස්තු 15 වැනි දින පැවැත්වෙන දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව නිමාවට පත් කිරීමට නියමිත බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
ඒ අනුව ප්‍රථම කුඔල් පෙරහැර අගෝස්තු 05 වැනි දින ආරම්භ වී අගෝස්තු 09 වැනි දින දක්වා පුරා දින 05 කාලයක් පැවැත්වේ. අගෝස්තු 10 වැනි දින ආරම්භ කෙරෙන රන්දෝලි පෙරහැර 14 වැනි දින දක්වා වීදි සංචාරය කිරීමට නියමිත අතර, අගෝස්තු 15 වැනි දින පැවැත්වෙන දහවල් පෙරහැරත් සමග පෙරහැර අවසන් වීමට නියමිතය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී රණේපුර මහතා, ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහ සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරුද මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.
DMU/Kandy