මෙම " ජයලත්ගම " ඉදිවීම මගින් පවුල් 50 කට නිවාස හිමිකම් ලබාදීම, ජලය හා විදුලිය පහසුකම, අභ්‍යන්තර මාර්ග පහසුකම්, ප්‍රවේශ මාර්ග සහිතව නව ගම්මානය ජනතා අයිතියට පත් කෙරේ.
මීට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස, ඉකිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.
සංවර්ධන බිම් කොටස් 50 ක හිමිකම් ලබාදීම,( වටිනාකම රු. ලක්ෂ 205), ප්‍රතිලාභීන් 96 ක් සදහා "විසිරි ණය" චෙක්පත් ප්‍රදානය, (වටිනාකම රු. ලක්ෂ 96), ප්‍රතිලාභීන් සදහා " සොඳුරුපියස" නිවාස ණය ප්‍රදානය. ( වටිනාකම රු. ලක්ෂ 42), " ශිල්ප සවිය " පුහුණුලාභීන් 79 ක් සදහා ප්‍රතිලාභ ලබාදීම (වටිනාකම රු.ලක්ෂ 39.5 ), දෘෂ්ඨි ආබාධ සහිතවුවන් සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානය, ප්‍රතිලාභීන් 91 ක් සදහා නිවාස ණය / ආධාර චෙක්පත් ප්‍රදානය. ( වටිනාකම රු.ලක්ෂ 45.5) , ප්‍රතිලාභීන් සදහා "විරුසුම්තුරු" නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය.(වටිනාකම රු.ලක්ෂ 89) ආදි වැඩසටහන් ක්‍රියාත්මක වේ.