ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    රටේ සියලුම සංචාරක වනඋද්‍යාන සංචාරකයින්ට ආරක්ෂිතයි - වනජීවි ඇමති කියයි

    ජූලි 22, 2019

    සංචාරකයින් සඳහා රටේ සියලුම වන උද්‍යානවල ආරක්ෂාව තහවුරු කර ඇතැයි සංචාරක සංවර්ධන,වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය අදහස් දක්වමින් පැවසීය.

    ඉකුත් 20 දා උඩවලව ජාතික වන උද්‍යානයේ සංචාරය කරමින් තිබූ විදෙස් සංචාරකයින් රැගත් ජීප් රථයකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අද (22) මේ බව පැවසීය.

    වැඩිදුරටත් අඳහස් දැක් වු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,මෙම වන උද්‍යාන ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර මෙම වෙඩි තැබිම සිදු කළ දෙදෙනෙකු අත් අඩංගුවට ගැනිමට විශේෂ කාර්ය බලකාය හා ආරක්ෂ අංශ එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇති බව කීය. මෙවැනි සිදුවිම් මින් ඉදිරිදියට සිදු නොවීමට වගබලා ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya