දිස්ත්‍රික් මහදිසාපති ආර්.එම්. වන්නිනායක මහතා සඳහන් කළේ,කලාප 12 ක් යටතේ ප්‍රදර්ශන කුටි 400 කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශන භූමියේ දී ජනතාවට දැක ගැනීමට හැකිවන බවයි.
ව්‍යවසායකයින් ලක්ෂයක්සොයා යන එන්ටර්ප්රයිස් ශ්‍රීලංකා දැවැන්ත මෙහෙයුමේ අනුරාධපුර අදියර ලබන 24 වනදා සිට 27 වනදා දක්වා අනුරාධපුර වලිසිංහ හැරිස්චන්ද්ර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
දියුණුවේ පුරෝගාමී පුරවරයට සංවර්ධන සංග්‍රාමය පැමිණෙන මේ අවස්ථාව නැරඹීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ජනතාවට අවස්ථාව උදාවේ. 2019 ජූලි මස 24 වන දින සවස 4.00 ට ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිත බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.
ජූලි 27 වනදා දක්වා සෑම දිනයකම උදෑසන 9.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ප්‍රදර්ශන භූමිය විවෘතව පවතී. මාධ්‍ය ආයතන සඳහා මෙහි වෙනම කලාපයක් පවතින අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය අංශයක් ද ඊට ඇතුළත් වෙයි.
DMU/Anuradhapura