ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ''දියුණුවේ පුරෝගාමී පුරවරය''- එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා- නව ව්‍යවසායකයින් 20,000ක් බිහිකිරීම අපේක්ෂාවයි- මුදල් රාජ්‍ය අමාත්‍ය

    ජූලි 22, 2019

    දියුණුවේ පුරෝගාමී පුරවරය යන තේමාව යටතේ මෙවර අනුරාධපුර නගරයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හරහා නව ව්‍යවසායකයින් 20,000ක් බිහිකිරීම අපේක්ෂාව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද(22) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    නව ව්‍යවසායකයින් බිහි කිරීමේ සහ ධෛර්යමත් කිරීමේ අරමුණින් පවත්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන මාලාවේ දෙවන ප්‍රදර්ශනය ජූලි මස 24 සිට 27 දක්වා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.

    ගිය වසරේ මොණරාගල පැවති පළමු ප්‍රදර්ශනය සඳහා නරඹන්නන් ලක්ෂ 05කට අධික සංඛ්‍යාවක් පැමිණි ඇති අතර නව ව්‍යවසායකයින් 5175කට ආසන්න සංඛ්‍යවක් එහිදී ලියාපදිංචි වී ඇත.

    23 වනදා සවස 4.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත කිරීමට නියමිත අතර පෙරවරු 09.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා විවෘතව පවතී.

    සියළුම රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු ඇතුළත් ප්‍රදර්ශන කුටි 500කට වැඩි ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ සිසුන් සඳහා වෙනම අධ්‍යාපන කලාපයක් වෙන් වී ඇත.

    සෞඛ්‍ය කඳවුරු, ත්‍රිවිධ හමුදා ප්‍රදර්ශන කුටි සහ ක්‍රියාකාරකම් සහිත සංදර්ශන මෙන්ම දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් සහ ජනප්‍රියතම ගායන ශිල්පීන් සහභාගී වන සංගීත ප්‍රසංගයන්ද පැවැත්වේ.

    ප්‍රදර්ශනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කෙරෙන අතර වැවි සහ මාර්ග පිළිසකර කිරීම වැනි ව්‍යාපෘතීන් මේ අතර වේ.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංක ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට රුපියල් කෝටි 8800ක් ව්‍යවසායකයින් 55,000ක් සඳහා ණය ලබා දී ඇති අතර ජනතාවට වඩාත් පහසුකම් සැපයීමේ අරමුණින් ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික් වලද මෙම ප්‍රදර්ශනය පවත් වන බව අමාත්‍යවරයා පැවසීය.

     මෙම අවස්ථාවට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. ආර්. දේශප්‍රිය යන මහත්වරුද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya