ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    පළාත් සෞඛ්‍ය රැස්වීම- සෞඛ්‍ය ගැටළු රැසකට විසඳුම් - පවුල් සෞඛ්‍ය සේවිකාවන් 800කට ළඟදීම පත්වීම්

    ජූලි 22, 2019

    දැනට රජයට පවරාගෙන තිබෙන වතු රෝහල් සියල්ලම පළාත් සභා වලට භාර දී ඒවායේ පාලනය පළාත් සභා මඟින් සිදු කිරීමට යන බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    දැනට වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නිසි පරිදි සැපයීම නිසියාකාරයෙන් සිදු නොවන බැවින් මෙම පියවර ගන්නා බව කොළඹ අද (22) පැවති පළාත් සෞඛ්‍ය රැස්වීමේ දී ඇමතිවරයා කීය.

    දිවයිනේ පළාත් 09යේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුරුසේන හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේ දී සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගැටළු රැසක් සාකච්ඡා කෙරිණි.

    එයින් බොහොමයකට ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් විසදුම් ලබා දෙන ලදී. සෞඛ්‍ය අමාත්‍යංශය, පළාත් සභා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත්, පළාත් සභා රෝහල් වලට අවශ්‍ය සියලු වෛද්‍ය උපකරණ, ඖෂධ, ගිලන් රථ, වෛද්‍යවරුන්, හෙදියන් මෙන්ම ඇතැම් කාර්යය මණ්ඩලය පත්කරන්නේ ද සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් බවත් ඇමතිවරයා පැවසීය.


    රෝහල් වල පවතින හෙදියන්ගේ හිඟය ගැන මෙහි දී සාකච්ඡා විය. දැනට හෙදියන් 8000 ක් පමණ පුහුණු කර ගෙන යන අතර ඔවුන්ගේ පුහුණු වීම අවසන් වූ පසු ළඟදීම හෙදි හිඟය මගහැරී යනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා පවුල් සෞඛ්‍ය සේවිකාවන් 800 ක් පමණ ළඟදීම පත් කිරීමට කටයුතු කරගෙන යන බව ද කීය. සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වාහන රාශියක් අතුරුදහන් වී තිබෙන බැවින් පිට පළාත් වල තිබෙන වාහන පිළිබඳ විස්තර අමාත්‍යංශයට දන්වා එවන ලෙස තම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇති බව අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය මෙහි දී කීවාය. මේ සතියේ සිකුරාදාට පෙර මෙම තොරතුරු නොලැබූණහොත් වාහන ආතුරුදහන් වී ඇති බවට තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කරන බව ද ලේකම්වරිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya