ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    අගෝස්තු 01 සිට චිනය ඇතුළු රටවල් 46ක් සඳහා ගාස්තු රහිත විසා නිකුත් කෙරේ - ඇමති ජෝන් අමරතුංග

    ජූලි 24, 2019

    අගෝස්තු (01) සිට චිනය ඇතුළු රටවල් 46ක් සඳහාගාස්තු රහිත විසා( free visa) නිකුත් කරන බව සංචාරක සංවර්ධන,වනජිවි, ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ ඇමති ජෝන් අමරතුංග මහතා ඊයේ (23) කොළඔ ශැන්ග්‍රිලා හෝටලේ පැවැති උත්සවයක් අමතමින් මාධ්‍යයට පැවසිය.

    මෙහිදි අදහස් දැක් වු ඇමතිවරයා සඳහන් කළේ, මෙම free visa මාසයක් කාලයක් මෙරට තුළ රැඳි සිටිමට අවසර ඇති බවයි.අවශ්‍යතාවය මත එම කාලය දීර්ඝ කර ගැනිමට අවසර ලැබේ නම්, එම කාලය දීර්ඝ(extend) කර ගත හැකි බවයි.එමෙන් ම අමාත්‍යවරයා සඳහන් කළේ, චීන - ශ්‍රි ලංකා මිත්‍රත්වය වසර සිය දහස් ගණනක් දක්වා දිව යන බවයි.

    මෑත කාලයේ දි ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සෘජු ලෙසම දායකත්වය දැක් වු චිනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, නෙලුම් පොකුණ රඟහල,පෝට් සිටි ව්‍යාපෘතිය යනාදියට ආයෝජන හා ප්‍රදානයන් කර ඇති කර බවයි.

    මෙරටට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙන්නේ ඉන්දියාවෙන් වන අතර දෙවන තැන හිමි වන්නේ චිනයටයි, චින ජනමාධ්‍ය වේදින් පිරිසක් ඉකුත් 18දා ශ්‍රි ලංකාවේ සංචාරයකට එක් වු අතර ඔවුහු සතියක කාලයක් (ජුනි 18 සිට ජුනි 24 දක්වා) ලංකාවේ විවිධ සංචාරක ස්ථාන ගොස් නැරඹීණි.මෙම සංචාරය සඳහා චින මාධ්‍ය ආයතන 28 ක මාධ්‍යවේදින් සහභාගි වුහ.

    මෙහිදි අදහස් දැක් වු ශ්‍රි ලංකාවේ චින තානාපති චියැං ලියුං මහතා ප්‍රකාශ කළේ, ආර්ථිකය පසුගිය 21 දා පාස්කු ප්‍රහාරයෙන් අභියෝගයකට ලක් වු අතර ශ්‍රි ලංකා ආර්ථිකය මෙ වන විට යහපත් තත්ත්වයට පත් වෙමින් පවතින බවයි.එමෙන් free visa සංචාරකයින්ට නිකුත් කිරිමට ගත් තීරණය ශ්‍රි ලංකාවේ සංචාරය කරන සංචාරයින්ට ඉතා වැදගත් බවයි.මෙහි දි චින තානාපතිවරයා චින මාධ්‍ය වේදින්ගෙන් ඉල්ලා සිටියේ තම රටට ගොස් තම ජනතාවට ශ්‍රි ලංකාව දැන් සුරක්ෂිත බව පවසන
    ලෙසත් මේ හේතුවෙන් ශ්‍රි ලංකාවේ සංචාරයට දැන් හිතකර පවසන ලෙසයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දිමුතු තෙන්නකෝන් මහතා පැවසූවේ මගීන් 03 දෙනෙකුගෙන් ආරම්භ වූ චීන ශ්‍රී ලංකා ගුවන් ගමන දැන් යානා 15 දක්වා වර්ධනය වී ඇති බවයි. එහිදී චීන සංචාරකයන් සඳහා විශේෂ පහසුකම් සැපයීමට ගුවන් සමාගම කටයුතු කරන බවත් චීන භාෂාව කතා කළ හැකි ගුවන් කාර්ය මණ්ඩලය මෙන්ම චීන ආහාර ද සැපයමින් ඔවුන්ට සුවපහසු ගුවන් ගමනක් ලබා දීමට සමාගම කටයුතු කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya