ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    97 වන ජාත්‍යන්තර සමුපකාර දිනය අගමැති ප්‍රධානත්වයෙන් මාතර දී සැමරේ

    ජූලි 25, 2019

    “සුපසන් සේවයක් සඳහා සමුපකාරය” මැයෙන් 97 වැනි ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජාවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

    සෑම වර්ෂයකම ජූලි මස පළමුවන සෙනසුරාදා දිනය ජාත්‍යන්තර සමුපකාර දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව මෙවර ජාත්‍යන්තර සමුපකාර දිනය ජූලි 06 වැනිදාට යෙදී තිබුණි. ජාත්‍යන්තර සමුපකාර සන්ධානය 1923 වසරේ සිට ජූලි මස පළමුවන සෙනසුරාදා දින ජාත්‍යන්තර සමුපකාර දිනය සමරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම සැමරුමට එක් වූයේ 1995 වර්ෂයේ සිට බැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර සමරනු ලබන්නේ 25 වැනි සමුපකාර දිනයයි.

    ජාත්‍යන්තර සමුපකාර සන්ධානය විසින් 97 වන ජාත්‍යන්තර සමුපකාර දිනය වෙනුවෙන් හඳුන්වාදෙන ලද සමුපකාර දින ලාංඡනය සහ 97 වන ජාත්‍යන්තර සමුපකාර දිනය වෙනුවෙන් නිර්මාණය කරන ලද ෆේස්බුක් පිටුව අග්‍රාමාත්‍යවරයා අතින් ඩිජිටල් ක්‍රමයට විවෘත කිරීම, ජාතික සමුපකාර ව්‍යාපාරයට අදාළ සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් සකස් කරන ලද ජාතික සමුපකාර ප්‍රතිපත්තිය අග්‍රාමාත්‍ය තුමා අතින් ඩිජිටල් ක්‍රමයට සමුපකාර ව්‍යාපාරය වෙත පිළිගැන්වීම, 97 වන ජාත්‍යන්තර සමුපකාර දින උත්සවය වෙනුවෙන් සකස් කරන ලද සමරු ඵලකය, 97 වන ජාත්‍යන්තර සමුපකාර දිනය අර්ථගන්වමින් උතුරු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් වරයා විසින් සකස් කරන ලද සටහන කර්මාන්ත, වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන  අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අතින් ගරු අග්‍රාමාත්‍ය වරයා වෙත පිළිගැන්වීම ආදී කටයුතු ද මෙහි දී සිදු කරන ලදි.


    කර්මාන්ත, වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, කර්මාන්ත, වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එන්.රංජිත් අසෝක මහතා හා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, සමුපකාර සාමාජිකයින් ඇතුළු පිරිසක් සමුපකාර දින සැමඑරුම් උත්සවය සඳහා සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya