මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සදහා මහනුවර දිස්ත්‍රික්කයේ දරු දැරියන් රැසක් සහභාගී වූහ. මධ්‍යම පළාතේ අධ්‍යාපන කොට්ඨාශ 15 න් 13 ක මෙම දියර කිරි ආහාර වේල ලබා දීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මධ්‍යම පළාතේ පාසල් 165 ක සිසු සිසුවියන් 70,000 කට මෙම වැඩසටහන යටතේ දියර කිරි වේලක් ලබාදීමට කටයුතු යොදා තිබේ.
මධ්‍යම පළාතේ විල්ගමුව සහ හගුරන්කෙත යන අධ්‍යාපන කලාප දෙක තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක නොවන අතර, ඊට හේතුව වී ඇත්තේ එම කොට්ඨාශ දෙකේ අංග සම්පූර්ණ පෝෂණ වැඩසටහනක් මේ වන විටත් ක්‍රියාත්මක වන බැවිනි.
නිරෝගී සුපෝෂිත අනාගත පරපුරක් බිහිකිරීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ තවත් අරමුණක් වන්නේ ශ්‍රී ලංකාවේ කිරි ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණද අන්තර්ගතය.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තතන් පිරිසක් සහ පාසල් රැසක දරු දැරියන් රැසක්ද සහභාගී වූහ