කතානායකවරයා මේ අදහස් පළ කළේ,ඊයේ (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වැවිලි සවිය සම්මාන උළෙලට සහභාගී වෙමිනි.
යටත් විජිත යුගයේ සිට අපගේ සංස්කෘතියේ අංගයක් බඳු වූ තේ කර්මාන්තයට ජාවාරම්කරුවන්ගේ බාල තේ මිශ්‍ර කිරීම නිසා කැලැලක් ඇති වී ඇති බවත් එම ජාතික අපරාධය දේශ ද්‍රෝහී ක්‍රියාවක් බවත් පැවසූ කතානායකවරයා විවිධ අභියෝග හමුවේ වුවද ලෝකය පුරා සිලෝන් ටී නාමය ප්‍රචලිත කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව වැඩිදුරටත් සඳහන් කළේය.
කුඩා තේ වතු හිමියන්ට වඩා හොඳ ජීවන තත්වයක් ඇති කිරීම සඳහා ගන්නා මෙම ව්‍යායාමය කතානායකවරයාගේ පැසසුමට ලක් විය.
මෙහිදී අදහස් දැක් වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ, තේ කර්මාන්තය සඳහා 73% දායකත්වයක් ලබා දෙන්නේ කුඩා තේ වතු හිමියන් බවත් පසුගිය වසරේ ලක්ෂ පහකට ආසන්න කුඩා තේ වතු හිමියන් විසින් තේ කිලෝ මිලියන 300කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමට දායකත්වය ලබා දී ඇති බවත්ය. හෙක්ටාර එකක සිටුවන තේ ධාරිතාව 1850 දක්වා වැඩි කර , ගුණාත්මක බව මෙන්ම මිල ද ආරක්ෂා කර ගැනීමට කටයුතු කල බවත් කෙටි කාලීනව ඇති වූ ප්‍රශ්න වලට මුහුණ දෙමින් පිරිසිදු සිලෝන් ටී නාමය ආරක්ෂා කර ගැනීමට ඉදිරියේදීද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
තේ වල තිබිය යුතු අවම සීනි ප්‍රමාණය නියම කර ඇති අතර තේ මිශ්‍රණය කරන කර්මාන්ත කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද මෙම කර්මාන්තය
ඉදිරියට ගෙන යාම සඳහා එවැනි දැඩි තීරණ ගැනීමට වුවද පසු බට නොවන බවද නවීන් දිසානායක අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කර සිටියේය.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් දෙවන වරටත් පවත් වන මෙම සම්මාන උළෙල මව්බිමට විදෙස් විනිමය ගෙන එන තේ කර්මාන්තය මෙරට තුළ ප්‍රචලිත කිරීමට දායක වූ නිලධාරීන්ට සහ ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ තේ වගාව සාර්ථක
කරගත් කුඩා තේ වතු හිමියන් ඇගයීම සඳහා සංවිධානය කර තිබේ.හොඳම තේ පරීක්ෂක,හොඳම කුඩා තේ වතු ඉඩම් හිමියා,හොඳම සමිතිය ආදී රන් සම්මාන 72ක් පිරිනැමුණු අතර ගාමිණී දිසානායක අනුස්මරණ රන් සම්මානය හර්ෂණ ද සිල්වා මහතාට හිමි විය.
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්,වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජේ.ඒ. රංජිත්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති දේශබන්දු විජේරත්න දේවගෙදර යන මහත්වරු සහ දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් කුඩා තේ වතු හිමියන්, කුඩා තේ වතු හිමියන්ගේ සමිති නායකයින් මෙන්ම එම සමිතිවල සාමාජික පිරිස ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.